March 19, 2025

මත්ද්‍රව්‍ය මිලදී ගැනීමට මුදල් නුදුන් නිසා කුපිත වූ පුතාගේ පහරකෑමට ලක් වූ මවක්, තුවාල ලබා රෝහල්ගත කර සිටියදී මියගොස් ඇති බව දෙමටගොඩ ‍පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ හැටපස් හැවිරිදි, ආරාමය පෙදෙස, දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචිකාරියකි.

42 හැවිරිදි සැකකාර පුත්‍රයා මවට අතින් පයින් හා කොසු මිටකින් පහර දී ඇති බව පොලිසිය සඳහන් කරයි.

අදාළ පුද්ගලයා මේ වන විට ප්‍රදේශයෙන් පළාගොස් ඇති අතර අත්අඩංගුවට ගැනීමට විමර්ශන සිදුකරන බව දෙමටගොඩ පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.