
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජාතික ඉන්ධන අවසර පත්‍ර QR ක්‍රමය හෝ ඉන්ධන සඳහා කිසිදු කෝටා ක්‍රමයක් නැවත හඳුන්වා දීමට රජය, විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය හෝ ඛනිජතෙල් නීතිගත සංස්ථාව කිසිදු සාකච්ඡාවක නිරත වී නොමැති බව විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර පවසයි.
ජනමාධ්‍යය ඔස්සේ පළව ඇති වාර්තා කිහිපයකට ප්‍රතිචාර දක්වමින් ට්විටර් පණිවිඩයක් නිකුත් කරන ඇමැතිවරයා මේ බව අන්දහන් කර තිබේ.
අමාත්‍යංශය, තෙල් සංස්ථාව සහ ඛනිජ තෙල් ගබඩා පර්යන්තය විසින් ඉදිරි මාස 12 සඳහා ප්‍රවාහන අවශ්‍යතා සැලසුම් කිරීමට සහ කොලොන්නාව හා මුතුරාජවෙල පර්යන්තවල මෙන්ම ප්‍රාදේශීය ඩිපෝවල දැනට පවතින ගබඩා ධාරිතාව ඉහළ නැංවීම සඳහා විශාල අතිරේක තොගයක් පවත්වා ගැනීමට සාකච්ඡා කර ඇති බවද ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart