
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
එක්දින ක්‍රිකට් ලෝක කුසලානය සදහා අද පිටත්ව යෑමට නියමිතව තිබියදි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට අනුමැතිය ලබාදීම ප්‍රමාදයක් වූයේ ක්‍රිකට් ආයතනයේ වරදින් බව ක්‍රීඩා ඇමැති රෝෂාන් රණසිංහ පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් ඇමැතිවරයා අවධාරණය කර ඇත්තේ ක්‍රීඩා පනතට අනුව විදේශ ගත වන ක්‍රිඩකයන් හා නිලධාරින්ගේ තොරතුරු ඇතුලත් ලිපි ගොනුව දින 21කට පෙර ක්‍රීඩා ඇමැතිවරයාගේ අනුමැතිය සදහා යොමු කළයුතු බවය.
ක්‍රිකට් ආයතනය පසුගිය 20වැනි දින එහි ලේකම් මොහාන් ද සිල්වාගේ අත්සනින් යුතුව ක්‍රිකට් සංචිතයට අනුමැතිය සඳහා ජාතික ක්‍රීඩා සභාව වෙත යොමුකළ ලිපිය පසුගිය 21වැනි දින ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව වෙත ලැබී තිබූ බව ක්‍රීඩා ඇමැතිවරයා නිකුත් කළ නිවේදනය සදහන්ව ඇත.
ඒ අනුව,ලෝක කුසලාන සංචිතය සදහා සිය අනුමැතිය ලබාදීම සදහා ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම්වරයා වෙත ලිපිගොනුව ලැබුණේ ඊයේ පස්වරුවේදි බවත්, ඒ අනුව ක්‍රිකට් කණ්ඩායමට පිටත්ව යෑම අද (26)සිදුවන හෙයින් සිය උපදෙස් මත 17 දෙනෙකුගෙන් යුත් ක්‍රිකට් සංචිතය අනුමැතිය ලබාදුන් බවත් ක්‍රීඩා ඇමැති රෝෂාන් රණසිංහ සිය නිවේදනයෙන් වැඩිදුරටත් පෙන්වා දි තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart