
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පසුගියදා පැලවත්ත ප්‍රදේශයේ විදුහල්පතිවරුන්ගේ විරෝධතාවයේදී ඇති වූ සිද්ධීන් සම්බන්ධයෙන් කණගාටුව පළකරන බව අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත පවසයි.
ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් විදුහල්පතිවරුන් විසින් අඟහරුවාදා (ඔක් 24) පැල්වත්ත පාලම් තුන හංදිය අසලින් ආරම්භ කළ විරෝධතා පා ගමන විසුරුවා හැරීමට පොලිසිය කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කළේය.
නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කර ඇත්තේ, අධ්‍යාපන ඇමැතිවරයා සමුළුවකට සහභාගිවීම සඳහා විදේශගතව සිටින අවස්ථාවක මෙම සිද්ධිය සිදුව ඇති බවයි.
විදුහල්පතිවරුන් ඇතුළු අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ අනෙකුත් අංශවලට බලපාන විෂමතා සහ ගැටලු විසඳීමට කටයුතු කරමින් තිබියදී මෙවැනි සිදුවීමක්, වාර්තාවීම සම්බන්ධයෙන් අධ්‍යාපන ඇමැතිවරයා කණගාටුව පළකරන බවද අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart