Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ණය ප්‍රතිව්‍යුගතකරණයෙන් මෙරට බැංකු පද්ධතියට බලපෑමක් නැතැයි ආණ්ඩුව පැවසුවද, රජය විසින් දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම හේතුවෙන් මෙරට බැංකුවලට සිදුවන පාඩුව රුපියල් බිලියන 97කට වැඩි බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසයි. මන්ත්‍රීවරයා මේ බව සදහන් කරන ලද්දේ අද(04) පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ පැවති ජනමාධ්‍ය හමුවකට එක් වෙමිනි. එහිදී මන්ත්‍රීවරයා වැඩිදුරටත් මෙසේ අදහස් දැක්වීය.
“ණය ප්‍රතිව්‍යුහගතකරණයෙන් බැංකුවලට බලපෑමක් නෑ කියා ආණ්ඩුව කිව්වත් ආණ්ඩුවේ අමාත්‍ය මණ්ඩල පත්‍රිකා සහ සංකල්ප පත්‍රිකා ගැඹුරින් අධ්‍යනය කළ විට ඒක බොරුවක් බව හෙලිදරව් වෙනවා. 2023.06.28 දිනැති දේශීය ණය ප්‍රශස්තකරණය ක්‍රියාත්මක කිරීම නමින් මුදල් ඇමතිවරයා විසින් ඇමති මණ්ඩලයට ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල සංදේශයේ තුන්වන පිටුවේ දක්වා තිබෙන ආකාරයට පිය වීමට තිබෙන ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කරවල වටිනාකම ඩොලර් මිලියන 886ක් නැතිනම් රුපියල් බිලියන 272ක් කියලා. මහ බැංකුව විසින් ඇමති මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවේ 29 පිටුව අනුව මේ බැඳුම්කරවල වටිනාකමින් 30%ක් කපා හැරෙනවා. ඒ කියන්නේ රුපියල් බිලියන 81.6ක ප්‍රාග්ධන කප්පාදුවක් සිදු වෙනවා.
සංවර්ධන බැඳුම්කර වලින් 85%කම අයිතිය තිබෙන්නේ මෙරට බැංකුවලට. ඒ අනුව ප්‍රාග්ධන කප්පාදුවෙන් පමණක් බැංකු වලට සිදුවන අලාභය රුපියල් බිලියන 69ක්. මීට අමතරව බැංකු විසින් රාජ්‍ය ආයතන වලට ලබාදීලා තිබෙන ඩොලර් ණය ප්‍රමාණය ඩොලර් මිලියන 323ක් නැතිනම් රුපියල් බිලියන 92ක්. ඒ ප්‍රමාණයෙනුත් 30%ක් කපා හරිනවා. ඒ කියන්නේ බිලියන 28ක්. බැඳුම්කර සහ ඩොලර් ණය දෙකේම ප්‍රාග්ධන කපාහැරීමෙන් පමණක් බැංකුවලට සිදුවන අලාභය රුපියල් බිලියන 97ක්. මීට අමතරව පොලියත් 35%කින් පමණ අඩු කරනවා. එයින් බැංකුවට වන අලාභය අපි ගණන් හදලා නෑ. ඒ කියන්නේ දේශීය ණය ප්‍රශස්තකරණය හරහා බැංකු වලට සිදුවන අලාභය රුපියල් බිලියන 97කට වැඩියි.”
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart