
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පහරදීමක් හේතුවෙන් හෝමාගම බණ්ඩාරණායක මහජන පුස්තකාලයේ පුස්තකාලයාධිපතිවරයා ප්‍රතිකාර සඳහා හෝමාගම රෝහලට ඇතුළත් කර තිබේ.
අනවසරයෙන් පොතක් රැගෙන යෑමට තැත් කළ හෝමාගම ප්‍රාදේශීය සභාවේ කම්කරුවකු විසින් මෙම පහරදීම සිදු කර ඇති බව අනාවරණය වේ.
පෙරේදා(14) සවස රාජකාරි කරන අවස්ථාවේදී මෙම පහරකෑමට ලක්වූ පුස්තකාලයාධිපතිවරයා මේ වන විටත් හෝමාගම රෝහලේ ප්‍රතිකාර ලබන බව හෝමාගම රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
කෙසේවෙතත් හෝමාගම පොලිසිය පවසන්නේ එවැනි පහරදීමක් සිදුව නොමැති බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart