
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකාවේ අලුතින් පත් වූ පරිසර ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල පවසා ඇත්තේ, රටේ අවශ්‍යතාවන්ට වඩාත් ගැලපෙන නව පාරිසරික පනතක් හඳුන්වාදිය යුතු බවයි.
දැනට ක්‍රියාත්මක ජාතික පරිසර පනත වෙනුවට රටට ගැළපෙන නව පාරිසරික පනතක් ගෙන ඒමට අවශ්‍ය පියවර ගත යුතු බව හෙතෙම පෙන්වාදෙයි.
“දැනට පවතින ජාතික පාරිසරික පනත සංශෝධනය කරනවාට වඩා නව පනතක් ගෙන ඒම කාලෝචිතයි.” ඔහු සඳහන් කරයි.
1988 අංක 56 සහ 2000 අංක 53 දරන පනත් මගින් සංශෝධිත 1980 අංක 47 දරන ජාතික පරිසර පනත දැනට ක්‍රියාත්මක වේ.
“පරිසරය සුරකිමින් තිරසාර සංවර්ධනයකට පියවර ගත හැකි” නව ජාතික පරිසර පනතක් ගෙනඒමේ කටයුතු කඩිනම් කරන ලෙස ඇමැතිවරයා අද (26) මධ්‍යම පරිසර අධිකාරියට උපදෙස් ලබාදී තිබේ.
නිවාස සංකීර්ණ ඉදිකිරීමේදී පරිසරයට සිදුවන අහිතකර බලපෑම් පිළිබඳව සොයාබලා එම බලපෑම් අවම කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද ඔහු මධ්‍යම පරිසර අධිකාරියට දැනුම්දී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart