
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ලෙබනනයේ අඟහරුවාදා (ඔක්තෝබර් 17) කඩා වැටුණු නේවාසික ගොඩනැඟිල්ලක සුන්බුන්වලට යට වී සිටින ශ්‍රී ලාංකික කාන්තාවකගේ අනන්‍යතාව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් තහවුරු කර ඇති බව වාර්තා වේ.
ගොඩනැගිල්ලේ සිරවී සිටින ශ්‍රී ලාංකික කාන්තාව ගම්පහ මිරිස්වත්ත ප්‍රදේශයේ පදිංචි 65 හැවිරිදි තැනැත්තියක බවට හඳුනාගෙන ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ප්‍රකාශ කරයි.
සත්මහල් ගොඩනැගිල්ල කඩා වැටීමෙන් පසු සිරවී සිටි තවත් කිහිපදෙනෙකු අතර මෙම කාන්තාවද සිටින බව වාර්තා වේ.
“බීරුට් අගනුවර ආසන්නයේ පිහිටි ගොඩනැගිල්ල ඊයේ කඩා වැටී තිබුණා. ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ වාර්තාවලට අනුව ශ්‍රී ලාංකික කාන්තාවක් ඇතුළු පස්දෙනෙක් සුන්බුන් යට සිරවී සිටිනවා. අපට තවමත් තානාපති කාර්යාලයෙන් වාර්තා ලැබෙන අතර ඒවා පදනම් කරගෙන ක්‍රියාමාර්ග ආරම්භ කරනවා” යැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.
අඟහරුවාදා, ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය දකුණු ලෙබනනයේ සේවය කරන ශ්‍රී ලාංකිකයන්ගෙන් වහාම තානාපති කාර්යාලයේ ලියාපදිංචි වන ලෙස ඉල්ලා සිටියේය.
ඊශ්‍රායලය සහ පලස්තීනය අතර උග්රවන ප්රචණ්ඩත්වය සැළකිල්ලට ගනිමින් බීරූට් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් මෙම ඉල්ලීම සිදුකෙරිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart