
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකා පොලීසියේ 160 වන සංවත්සරය පසුගිය බ්‍රහස්පතින්දා කොළඹ තිඹිරිගස්යාය පොලිස් ක්‍රීඩාංගණයේදී උත්කර්ෂවත් ලෙස පවත්වා ඇති අතර, එහි විශේෂත්වය වී ඇත්තේ ජනමාධ්‍යවේදීන්ට ඒ සඳහා කිසිදු ආරාධනයක් කර නොතිබීමයි.
මෙම ඓතිහාසික සංවත්සර උත්සවය වාර්තා කිරීමට මාධ්‍යයට ඉඩනොදීම සම්බන්ධයෙන් විමසූ විට බලධාරීන් පවසා ඇත්තේ ජනාධිපති මාධ්‍ය අංශය සහ පොලිස් මාධ්‍ය කොට්ඨාසය මගින් පමණක් මෙම ආවරණ කටයුතු සිදු කිරීමට තීරණය කර තිබූ බවයි.
ශ්‍රී ලංකා පොලිසිය වැනි රාජ්‍ය ආයතනයක මෙවැනි සන්ධිස්ථානයක් සනිටුහන් කෙරෙන උත්සවයකින් ජනමාධ්‍යවේදීන් කොන්කිරීමට ගත් අමුතු තීරණය පිටුපස ඇති හේතුව ගැන පැහැදිලි කිරීමට කිසිවෙකුත් ඉදිරිපත් වී නොමැත.
පුද්ගලයන්ට වඩා පොලිස් දෙපාර්තමේන්තුව සහ එහි ඉතිහාසය බලවත් බවත්, නිලධාරීන් වෙනස් වුවද ආයතනය පවතින බවත් බලධාරීන් මතක තබා ගත යුතු අතර, මෙවැනි ජාතික මට්ටමේ උත්සව ජනමාධ්‍යයට විවෘතව පැවැත්වීම ප්‍රජාතන්ත්‍රවාදී රටක සාමාන්‍ය සිරිත බව බොහෝ දෙනාපෙන්වා දෙති.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart