
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අමෙරිකාවේ ට්‍රම්ප් පරිපාලනය යටතේ ආනයන බදු පැනවූයේ ශ්‍රී ලංකාව බංකොලොත් රටක් ලෙස කඩාවැටී යළි නැගී සිටිමින් පවතින අවස්ථාවක බැවින් එහි ප්‍රතිඵලය වඩාත් දරුණු බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.
ජනමාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු පෙන්වා දුන්නේ ට්‍රම්ප්ගේ මෙම නව බදු පැනවීම යනු ප්‍රතිගෝලීයකරණය කිරීම පමණක්ම නොව එය දුප්පත් රටවල් තවත් දුප්පත් කිරීමක් බවයි.
ඇතැම් විට එය අමෙරිකානු ජනාධිපතිවරයාගේ පෞද්ගලික තීරණයක් නොවිය හැකි බව පෙන්වා දුන් මන්ත්‍රීවරයා පැවසුවේ මේ මොහොතේ ශ්‍රී ලංකාව සිදු කළ යුත්තේ දුප්පත්කමින් මිදී නැගී සිටීමට උත්සහ කරන රටක් ලෙස අපනයන ක්ෂේත්‍රයේ පවතින වටිනාකම පෙන්වා දීම බවයි.
එමෙන්ම මේ මොහොතේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අනුගමනය කරන්නේ ද දෙබිඩි පිළිවෙතක් බව මන්ත්‍රීවරයා පැවසුවේය.
අපනයන වැඩි කරන ලෙස එම අරමුදල උපදෙස් ලබා දුන්නද, අපනයන සහ ආයෝජන දිරිගැන්වීම් සඳහා අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග පවතින බව රජය එම අරමුදලට පෙන්වා දිය යුතු බව මන්ත්‍රීවරයා පැවසීය.
කිසිඳු බලාපොරොත්තුවක් ලබා නොදී එලෙස ආයෝජකයන් මෙරටට නොපැමිණෙන බව ද මන්ත්‍රීවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart