
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
විශ‍්‍රාමික ප‍්‍රජාවගේ සුබසාධනය සහ වැටුප් විෂමතා විසඳීම කෙරෙහි රජයේ විශේෂ අවධානය යොමුව ඇති බව මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය පවසයි.
ඔහු මේ බව සඳහන් කළේ දැරණියගල නගරය ආසන්නයේ ඉදිකෙරෙන විශ‍්‍රාම සුබසාධන කාර්යාල ගොඩනැගිල්ලේ වැඩකටයුතු ආරම්භ කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
විශ්‍රාමිකයන්ගේ වැදගත්කම සැළකිල්ලට ගෙන වැඩි කළ රුපියල් 2500ක මුදල ලබන ජනවාරියේ සිට මේ වසරේ අයවැයෙන් ගෙවීමට පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.
එමෙන්ම දීර්ඝ කාලයක සිට පවතින විශ්‍රාම වැටුප් විෂමතා පිළිබඳ රජයේ දැඩි අවධානය යොමුව තිබේ.
විෂයභාර ඇමැතිවරයා පෙන්වා දෙන විශ්‍රාම වැටුප් විෂමතාව රජය විසින් හඳුනාගෙන ඊට පිළිතුරක් සෙවිය යුතු බවද ඇමැතිවරයා පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart