April 11, 2026

වත්මන් ආණ්ඩුවේ ප්‍රශ්නගත ගල් අඟුරු ගනුදෙනු සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක අදහස් පළ කළේය.

ජනමාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පැවසුවේ විශ්වාසභංග ජයග්‍රහණය කිරීම යනු සියල්ල නොවන බවයි.

”ඉංග්‍රීසි කියනමක් තිබෙනවා ‘Operation successful, patient dead’ කියලා. ඒ කියන්නේ ශල්‍යකර්මය යම්විදිහකින් සාර්ථකවුනත් ඒකෙන් ලැබිලා තියෙන ප්‍රතිපලය අනුව රෝගීයා දරුණු තත්වෙකින් තමයි ගමන් කරන්නේ”

”ඉතිං මට කියන්න තියෙන්නෙත් ඒක තමයි. ”

”ජනපතිම ඇවිත් කිව්වහම වැඩිවෙන සත පහක්වත් ජනතාවට වැඩි කරන්නේ නැහැයි කියලා අපි එතනින් ඉදිරියට බලමු වෙනවද නැද්ද කියලා. ප්‍රකාශය බොහොම හොඳයි. ඒක කොහොමද ක්‍රියාත්මක කරන්නේ කියලා මම දන්නේ නැහැ. කියපු දේ ප්‍රායෝගිකව ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා අපි බලාගෙන ඉන්නවා.” යනුවෙන් මන්ත්‍රීවරයා පැවසුවේය.