
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ආණ්ඩුව මහජනතාව රැවටීමට නීතියේ සිදුරු භාවිතා කරන බවට සර්වජන බලයේ නායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර චෝදනා කළේය.
“ජනාධිපතිවරයා විසින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, බැසිල් රාජපක්ෂ හෝ නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගනීවිද කියා මහජනතාව බලාසිටිනවා. ඒ වෙනුවට රජය ඔවුන්ගේම ආර්ථික මට්ටමේ ඉන්න දේශපාලනඥයන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරමින් සිටිනවා” ඔහු ජනමාධ්‍ය හමුවක් අමතමින් පැවසීය.
“චාමර සම්පත් අත්අඩංගුවට ගන්නා තෙක් මහජනතාව බලා සිටියාද? රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගන්නා තෙක් ජනතාව බලාසිටිනවා!” දිලිත් ජයවීර සඳහන් කළේය.
“ඔහු අත්අඩංගුවට ගනීවිද? ඒක තමයි අපේ ප්රශ්නය. ඔවුන් හාමු මහත්තයාට අත තියන්නේවත් නැහැ” යයි ඔහු .ප්‍රකාශ කළේය.
දූෂණ චෝදනා මත සර්වජන බලයේ සාමාජික එස්. එම්. රංජිත්ට දඬුවම් නියම කිරීම පිළිබඳ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් දිලිත් ජයවීර පැවසුවේ, මෙම සිද්ධියට තම පක්ෂය කිසිදු වගකීමක් නොදරන බවයි.
“අපි මේ සිද්ධිය ගැන කනගාටු වෙනවා. නමුත් අපි ඒ සඳහා කිසිදු වගකීමක් භාරගන්නේ නැහැ,” ඔහු පැවසීය.
“මා දන්නා තරමින්, මෙම නඩුව ගොනුකළේ යහපාලන රජය කාලේදී”.
දිලිත් ජයවීර වැඩිදුරටත් සඳහන් කළේ, එම කාලය තුළ නීතියේ ආධිපත්‍යය සහ නීතිය ක්‍රියාත්මක කිරීමේ කාර්යක්ෂමතාව යන දෙකම පිරිහී ගොස් ඇති බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart