February 27, 2025

ප්‍රාග්ධන අවශ්‍යතාව අඩු කර සමාගමක් ලියාපදිංචි කළ හැකි අවශ්‍යතාව පිළිබඳ ඉදිරියේදී සළකා බලන බව රජය පවසයි.

පාර්ලිමේන්තුවේ අද පැවැති අයවැය තෙවැනිවර කියවීමේ විවාදයට එක්වෙමින් වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතාව සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මේ බව පැවසුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක යොමුකළ අතුරු ප්‍රශ්නයක් සඳහා පිළිතුරු ලබාදෙමිනි.

සමාගමක් විවෘත කර ඉදිරියට ගෙනයාමට කැමැත්තෙන් පසුවන රට තුළ සිටින තරුණ ව්‍යවසායකයන්ට ලක්ෂ 02ක් හෝ 05ක් වැනි ප්‍රාග්ධනයක් ඔස්සේ සමාගමක් ලියාපදිංචි කිරීම සඳහා නෛතිකභාවය සහිත නව ක්‍රමවේදයක් ඉදිරිපත් කිරීමට රජයට හැකියාව තිබේද යන්න සම්බන්ධයෙන් මන්ත්‍රීවරයා එහිදී විමසුවේය.