
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මීගමුව බන්ධනාගාරය තුළ අවම වශයෙන් පුද්ගලයන් 25 දෙනකුගේ ජීවිත අහිමි කළ ලේවැකි ප්රචණ්ඩත්වය සම්බන්ධයෙන් රජය සම්පූර්ණ වගකීම බාරගත යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.
විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් විපක්ෂ නායකවරයා අවධාරණය කළේ, බන්ධනාගාර පරිපාලනයේ බිඳවැටීම සහ අකාර්යක්ෂමතාව හේතුවෙන් මෙම ජීවිත හානි සහ තුවාල සිදුවීම් සිදුව ඇති බවයි.
වත්මන් ජනාධිපතිවරයා මීට පෙර විපක්ෂයේ සිටියදී, බන්ධනාගාර තුළ මරණ සිදුවුවහොත් ඒ සඳහා රජය වගකිව යුතු බවට ප්‍රකාශ කර තිබූ බව සිහිපත් කළ සජිත් ප්‍රේමදාස, එම ප්රතිපත්තියම වත්මන් පරිපාලනයට ද අදාළ විය යුතු බව පැවසීය.
රජය පොරොන්දු වූ ‘සිස්ටම් චේන්ජ් එක’ අසාර්ථක වී ඇති බවට චෝදනා කළ විපක්ෂ නායකවරයා, මීගමුව බන්ධනාගාර සිදුවීම මඟින් යහපාලනය, නීතිය හා සාමය මෙන්ම බන්ධනාගාර කළමනාකරණයේ පවතින අඩුපාඩු මැනවින් ඉස්මතු වන බව සඳහන් කළේය.
රට තුළ නීතිය හා සාමය පවත්වාගෙන යාමට සහ මානුෂීය බන්ධනාගාර පරිපාලනයක් සහතික කිරීමට රජයට හැකියාවක් තිබේදැයි ප්‍රශ්න කළ ඔහු, මේ සඳහා ජනතාවට පිළිතුරු ලැබිය යුතු බව ද සඳහන් කළේය.
මෙම සිදුවීම සම්බන්ධයෙන් ස්වාධීන, අපක්ෂපාතී සහ විනිවිදභාවයකින් යුත් පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා සිටි සජිත් ප්‍රේමදාස, එය රජයට හිතකර වාර්තාවක් සැකසීම සඳහා පත්කරන කමිටුවක් මඟින් සිදුනොකළ යුතු බව අවධාරණය කළේය.
එමෙන්ම, රජය සතු උඩඟුකම පසෙක ලා ජාතික ආරක්ෂාව සහ බන්ධනාගාර කළමනාකරණය ඇතුළු රටේ දැවෙන ගැටලු විසඳීම කෙරෙහි අවධානය යොමුකරන ලෙස ද ඔහු රජයෙන් ඉල්ලා සිටියේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart