
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
රජය හදිසි විදුලිය මිලදී ගැනීම සඳහා වැයකිරීමට සුදානම් වන මුදල රුපියල් බිලියන 04ක් නොව 40 ක් බව විදුලි පාරිභෝගික සංගමය පවසයි.
පැය 24 පුරා අඛණ්ඩව විදුලිය සැපැයුමක් පවත්වාගෙන යෑමට නම් ලංකා විදුලිබල මණ්ඩලයට හදිසි විදුලිය මිලදී ගැනීමට සිදුවන බව විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර පසුගියදා ප්‍රකාශ කළ අතර ඊට අදාළ යෝජනාවක් සඳහා කැබිනට් මණ්ඩල අනුමැතියද ලබාගත්තේය.
එහිදී කැබිනට් මණ්ඩලය රුපියල් බිලියන 04ක විදුලිය හදිසි ක්‍රමවේද යටතේ මිලදී ගැනීමට අනුමැතිය හිමිව ඇතැයි වාර්තා වේ.
එහෙත් එම සංඛ්‍යා ලේඛන නිවැරදි නොවන බවත්, යෝජිත විදුලි මිලදී ගැනීම සඳහා රුපියල් බිලියන 40ක් වැය වන බවත් විදුලි පාරිභෝගික සංගමය චෝදනා කරයි.
විදුලි පාරිභෝගික සංගමයේ ප්‍රධාන ලේකම් සංජීව ධම්මික පවසන්නේ, හදිසි විදුලිය මිලදී ගැනීමට රුපියල් බිලියන 04ක් පමණ වැයවන බවට පළ වන වාර්තා සම්පූර්ණ අසත්‍ය බවත් මෙම වාර්තා පාරිභෝගිකයන් නොමග යැවීමට භාවිත කර ඇති බවත්, මේ සඳහා වැයවන මුලු මුදල රුපියල් බිලියන 40 ක් බවත් ය.
2009 අංක 20 දරන විදුලි බල පනතට යෝජිත සංශෝධන මගින්, ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව සතුව දැනට පවතින හදිසි විදුලිය මිලදීගැනීම සම්බන්ධ සියලු බලතල ඇමැතිවරයා වෙත පැවරීමට සූදානමක් පවතින බවද වාර්තා වේ.
ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් 2016 වසරේ සිට මේ දක්වා අවස්ථා 16 කදී අනවශ්‍ය හදිසි විදුලිය මිලදී ගැනීම වළක්වා ඇත.
මේ නිසා හදිසි විදුලිය මිලදී ගැනීමට උනන්දුවක් දක්වන පිරිස්වලට මහජන උපයෝගීතා කොමිසම බාධාවක් වී ඇතැයි පැවැසේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart