
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
2024 වර්ෂය අවසාන වන විට ඉන්දියාව, ඉන්දුනීසියාව, මැලේසියාව, වියට්නාමය සහ චීනය යන රටවල් සමඟ නිදහස් වෙළඳ ගිවිසුම් අත්සන් කිරීමට රජය සැලසුම් කර ඇති බව ජනාධිපති මාධ්‍ය මධ්‍යස්ථානයේ ඊයේ (06) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් විදේශ කටයුතු ඇමැති අලි සබ්රි පැවැසීය.
ශ්‍රී ලාංකීය ව්‍යාපාර සඳහා නව වෙළෙඳපොළක් විවෘත කිරීම සහ විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීම මෙහි අරමුණු වේ.
මෙම ගිවිසුම මඟින් ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් බිලියන 2.2ක වෙළඳපොළකට ප්‍රවේශය ලබාදී ඇති බව හෙතෙම වැඩිදුරටත් පැවැසීය.
ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය සහතික කිරීමට සහ අනාගත පසුබෑම් වළක්වා ගැනීමට මෙම ගිවිසුමේ වැදගත්කම සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ වැඩපිළිවෙළ ශක්තිමත් කර ඉදිරියට ගෙන යාමේ වැදගත්කමද ඇමැතිවරයා එහිදී අවධාරණය කළේය.
වියට්නාමය, බංග්ලාදේශය වැනි කලාපීය තරඟකරුවන්ට වඩා ශ්‍රී ලංකාව පසුගාමී මට්ටමක සිටින බවද හෙතෙම සඳහන් කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart