
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඔස්සේ දැනට සිටින විනිසුරුවරුන් සංඛ්‍යාව ඉහළ නැංවීමෙන් පසුව, පළාත් මට්ටමින්ද අභියාචනාධිකරණයේ කටයුතු පවත්වාගෙන යෑමට රජය සැලසුම් කරමින් සිටින බව වාර්තා වේ.
අභියාචනාධිකරණය සාමාන්‍යයෙන් කොළඹදී සිය බලප්‍රදේශයේ කටයුතු මෙහෙයවනු ලැබුවද, පළාත් මට්ටමින් රැස්වීමටද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ප්‍රතිපාදන සලසා ඇත.
කෙසේවෙතත් ඒ සඳහා අභියාචනාධිකරණ විනිසුරුවරුන් සංඛ්‍යාව වැඩි කළ යුතු අතර, ඉදිරිපත් කිරීමට නියමිත 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත මගින් අභියාචනාධිකරණ විනිසුරුවරුන් සංඛ්‍යාව 24 දක්වා ඉහළ නැංවීමට ප්‍රතිපාදන සලසා ඇත්තේ එබැවින් බව ජ්‍යෙෂ්ඨ රජයේ ප්‍රකාශකයකු ‘සන්ඩේ ටයිම්ස්’ පුවත්පතට පවසා ඇත.
නව විනිසුරුවරුන් සිවුදෙනකු එකතුවීමත් සමඟ ඇතැම් පළාත්වල අභියාචනාධිකරණ වාරයන් වසරක් දක්වා පවත්වාගෙන යෑමට හැකි වන අතර, තවත් පළාත් කිහිපයක එම කටයුතු ස්ථිරවම පවත්වාගෙන යෑමට හැකි වනු ඇත.
එසේ පවත්වන කාලසීමාව එක් එක් පළාතේ විභාග වීමට ඇති නඩු සංඛ්‍යාව මත තීරණය වන බව අදාළ ප්‍රකාශකයා පැහැදිලි කර ඇත.
ජ්‍යෙෂ්ඨ අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස ඉහළ නැංවීම සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන් සංඛ්‍යාව වැඩිකිරීම අරමුණු කරගත් 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත සහ මහාධිකරණ විනිසුරුවරුන් සංඛ්‍යාව ඉහළ නැංවීම ඇතුළු සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස ඉහළ නැංවීම අරමුණු කරගත් අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත එළඹෙන අඟහරුවාදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
22 වැනි සංශෝධනය මගින් අභියාචනාධිකරණ විනිසුරුවරුන් සංඛ්‍යාව 24 දක්වා වැඩිකිරීමට අමතරව, අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත මගින් මහාධිකරණ විනිසුරුවරුන් සංඛ්‍යාව 110 සිට 120 දක්වා ඉහළ නංවනු ඇත.
මෙම පියවරයන් විවිධ අධිකරණවල ගොඩගැසී ඇති ලක්ෂ 11 කට අධික නඩු ප්‍රමාණය ඉක්මනින් විභාග කර අවසන් කිරීමට රජය ගන්නා උත්සාහයේ කොටසකි.
මෙම පනත් කෙටුම්පත් දෙකම සම්මත වුවහොත්, මහේස්ත්‍රාත් අධිකරණයේ සිට ශ්‍රේෂ්ඨාධිකරණය දක්වා වන විනිසුරුවරුන් 400 කට වැඩි පිරිසකට සේවා දීර්ඝයක් හිමිවන බව අදාළ රජයේ ප්‍රකාශකයා වැඩිදුරටත් අනාවරණය කර තිබේ.
මෙම සේවා දීර්ඝය මගින්, ගොඩගැසී ඇති නඩු කටයුතු කාර්යක්ෂමව නිමා කිරීමට විනිසුරුවරුන්ට හැකිවනු ඇති බවට රජය විශ්වාසය පළකරන අතර, 22 වැනි සංශෝධනය සහ අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත යම් නිශ්චිත පුද්ගලයකුට වාසියක් සැලසීම සඳහා ගෙන එන ලද ඒවා නොවන බවට මෙය ‘ප්‍රමාණවත් සාක්ෂියක්’ බවද ඔහු සඳහන් කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart