
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මීගලෑව මහවැලි ජාතික පාසලේ සිසුවියන් දෙදෙනෙකුට මීගලෑව නගරයේ මාර්ගයක වැටී තිබියදී හමුවූ රුපියල් ලක්ෂ පහකට අධික රන් භාණ්ඩ හා මුදල් පසුම්බියක් පසුගිය නොවැම්බර් 24 දින හමුවී ඇති අතර, එහි සැබෑ හිමිකරුවන් සොයා ලබාදීමට ඔවුන් එය මීගලෑව පොලීසියට භාරදී ඇත.
මීගලෑව මහවැලි ජාතික පාසලේ 10 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන තිසුරි යුවනිකා ධර්මපාල සහ සඳුනි නිමල්කා ජයසූරිය යන සිසුවියන් දෙදෙනාට හමුවී ඇති මෙම රන් භාණ්ඩ සහ මුදල් පසුම්බිය මීගලෑව පොලීසිය වෙත භාරදීමෙන් අනතුරුව හිමිකරුවන් සොයා ඔවුන්වෙත එම මුදල් සහ රන්ආභරණ පාර්සලය භාරදීමට මීගලෑව පොලීසිය කටයුතු කර ඇත.
සමාජ සාරධර්ම වියැකී යන සමාජයක මෙවන් ක්‍රියාවක් කිරීමට පෙළඹුණු මීගලෑව මහවැලි ජාතික පාසලේ සිසුවියන් දෙදෙනාගේ මෙම කටයුත්ත සම්බන්ධයෙන් මීගලෑව පොලිසිය විසින් ඔවුන්ට ස්තූති කරමින් පාසලේ විදුහල්පතිවරිය වෙත ලිපියක් මඟින් දැනුම් දී ඇත.
අදාළ සිසුවන් සිදුකළ සද්ක්‍රියාව අගය කරමින් ඔවුන් ඇගයීමට කටයුතු කරන බව මීගලෑව මහවැලි ජාතික පාසලේ විදුහල්පතිවරිය ප්‍රකාශ කර ඇත.
– දිලංක ගුණතිලක
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart