
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කැබිනට් තීරණයක් මගින් නිත්‍ය පොලිස් සේවයට අන්තර්ග්‍රහණය කර සිටි පොලිස් සහායක සේවා අංශයේ සේවය කළ පොලිස් නිලධාරීන් පස්දෙනකුට හිමිවිය යුතු උසස්වීම් ලබානොදීමෙන් ජාතික පොලිස් කොමිසම ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කර ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ.
ඒ අනුව, ඔවුන්ට හිමිවිය යුතු ජ්‍යෙෂ්ඨත්වය සහ වෘත්තීය ප්‍රගතිය යථා තත්ත්වයට පත්කරන ලෙස ද වගඋත්තරකරුවන්ට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග කර ඇත.
ජ්‍යෙෂ්ඨත්වය හා කුසලතාවලට අදාළව සුදුසුකම් සපුරා තිබියදී හිමිවිය යුතු උසස් වීම් ලබානොදීමෙන් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා පොලිස් සහායක සේවා අංශයේ සේවය නියුතු කාන්තා පොලිස් නිලධාරිනියක ඇතුළු පොලිස් නිලධාරීන් පස්දෙනෙකු ඉදිරිපත් කළ මූලික අයිත්වාසිකම් පෙත්සම් පහක තීන්දුව ප්‍රකාශයට පත්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය නිකුත් කර තිබේ.
මෙම පෙත්සම් විභාගයට ගෙන තිබුණේ අගවිනිසුරු මූර්දු ප්‍රනාන්දු, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ඒ.එච්.එම්.ඩී. නවාස්, කුමුදුනී වික්‍රමසිංහ යන විනිසුරු මඩුල්ල හමුවේය.
සහකාර පොලිස් අධිකාරීවරුන් වන කේ.ටී.ටී. දේවප්‍රිය අබේවර්ධන, එස්. බී.පී.එම්.පී.ජී.වයි. බණ්ඩාර තාරක සෙනෙවිරත්න, පී.එම්.කේ.පී. ගුණවර්ධන හා පොලිස් අධිකාරී කේ.බී.සේනාරත්න යන අය මෙම පෙත්සම් ගොනුකර තිබිණි.
පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම්කර තිබුණේ පොලිස්පතිවරයා, ජාතික පොලිස් කොමිසමේ සභාපතිවරයා සහ සාමාජිකයන් ඇතුළු පිරිසකි.
පෙත්සම්කරුවන් සිය පෙත්සම මගින් කියාසිටින්නේ, කැබිනට් තීරණයක් මගින් පොලිස් සංචිත සේවය අහෝසි කරමින්, ඔවුන්ව නිත්‍ය පොලිස් සේවයට අන්තර්ග්‍රහණය කිරීමට එකඟ වූ බවයි.
එහෙත් පරිපාලනමය අකර්මන්‍යතාව හේතුවෙන්, එය ක්‍රියාත්මක නොවූ බව අවධාරණය කරන පෙත්සම්කරුවන් පෙන්වාදෙන්නේ, පොලිස්පතිවරයා විසින් 2008 ජුනි 27 වැනි දින නිකුත්කළ චක්‍රලේඛයක් මත පදනම්ව විශේෂ සහ තාක්ෂණික කාර්ය මණ්ඩලවලට සේවකයින් ලෙස ඔවුන් නැවත වර්ගීකරණය කළ බවයි.
මෙම අත්තනෝමතික වර්ගීකරණයෙන් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බව පවසමින් තමන්ට හිමිවිය යුතු උසස්වීම් ලබාදෙන ලෙසත්, සහාය සේවා ලෙස ඔවුන් වර්ගීකරණය කරමින් නිකුත් කළ අපකීර්තිමත් පත්වීම් ලිපි අවලංගු කරන ලෙසත් ඉල්ලා මෙම පෙත්සම් ගොනුකර තිබේ.
ඒ අනුව, 2006 වසරේ මාර්තු 21 වැනි දින සිට බලපැවැත්වෙන පරිදි පෙත්සම්කරුවන්ට නිත්‍ය පොලිස් කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් වන බවත්, නිත්‍ය පොලිස් කාර්ය මණ්ඩලයට නැවත ඒකාබද්ධ කිරීමට සහ අදාළ බඳවා ගැනීමේ යෝජනා ක්‍රමයට අනුව ඔවුන්ගේ ජ්‍යෙෂ්ඨත්වය සහ වෘත්තීය ප්‍රගතිය යථාතත්ත්වයට පත්කිරීමට වගඋත්තරකරුවන්ට නියම කරන බවත් තීන්දුවේ දැක්වේ.
ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයේ සඳහන් වන්නේ, පොලිසියේ සහාය සේවයක් ලෙස ඔවුන් වර්ගීකරණය කරමින් නිකුත් කර ඇති පත්වීම් ලිපි ද අහෝසි කරන බවයි.
පෙත්සම්කරුවන් වෙනුවෙන් ජනාධිපති නිතීඥ සාලිය පීරිස් පෙනීසිටියේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart