
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
තඹලගමුව මුල්ලිපොතාන ප්‍රදේශයේ තම නිවස ඉදිරිපිට මාර්ගයේ වැසි වතුර බැස යන කාණුවකට ඇඳගෙන වැටී වයස අවුරුදු 04ක සිඟිත්තියක් පසුගිය 01වැනිදා පස්වරුවේ මියගිය බව තඹලගමුව පොලිසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ මුල්ලිපොතාන යුනිට් 10 හි පදිංචි අල්මා හාජා නමැති දැරියකි.
මේ දිනවල එම ප්‍රදේශයට බලපා ඇති අධික වර්ෂාපතනය මධ්‍යයේ මාර්ගයේ ජලය ගලායන පැති කාණුවට ඇඳගෙන වැටුණු සිඟිති දැරිය මීටර් 100ක් පමණ ගසාගෙන ගොස් සිටියදී ප්‍රදේශවාසීන් සොයාගත් බව තඹලගමුව පොලිසිය පවසයි.
කන්තලේ මූලික රෝහල වෙත ගෙන යන හ දැරිය මියගොස් සිට ඇති අතර, ඇයගේ ලද මෘත ශරීරය පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණ සිදුකරන ලද කන්තලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරිය, එම දැරියගේ මරණය දියේ ගිලීම හේතුවෙන් සිදු වූ මරණයක් බව සනාථ කර ඇත.(දිනමිණ)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart