
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඇල්ල බස් අනතුරෙන් දිවි ගලවාගත් අයෙකු හෙළිකර ඇත්තේ, සිද්ධියට මිනිත්තු කිහිපයකට පෙර බසයේ තිරිංග ක්‍රියාවිරහිත වූ බව රියදුරු කියාසිටි බවයි.
වංගුවක් ගන්නා අතරතුර තිරිංග ක්‍රියාවිරහිත වූ බව රියදුරු තමාට දැනුම්දුන් බව තුවාල ලැබූ පිරිමි පුද්ගලයා පවසයි.
රියැදුරු සහ කොන්දොස්තර සමඟ තමා සංවාදයක යෙදීසිටි බවත්, ඒ අතරතුර රියදුරු වංගුවක් ගන්නා විට තිරිංග ක්‍රියාවිරහිත වූ බව ඔහුට දැනුම්දුන් බවත් ඔහු සඳහන් කරයි.
කොන්දොස්තර සහ අසල සිටි අනෙකුත් මගීන් ඔහුගේ ප්‍රකාශයට සිනාසුණු බවත් එය බැරෑරුම් ලෙස නොසැලකු බවත් ඔහු තවදුරටත් සඳහන් කරයි.
“ඔහු දෙවැනි වංගුව ගන්නකොට, බ්රේක් නැති අපට වැටහුණා. පසුව බස් එක ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි වාහනයක ගැටී, පසුව ප්‍රපාතයට පෙරළී ගියා. මම පැයක් විතර සිහි නැතුව හිටියා. පස්සේ දරුවෙක් අඬන ශබ්දයට අවදිවුණා. මට හෙල්ලෙන්න බැරුව හිටියේ. පස්සේ STFඑකෙන් ඇවිත් අපිව බේරගත්තා” යැයි ඔහු හෙළිකළේය.
ප්‍රතිකාර ලබන බදුල්ල රෝහලේ සිට ජනමාධ්‍ය වෙත කතාකරමින් ඔහු මෙම හෙළිදරව්ව සිදුකළේය.
ඊයේ රාත්‍රියේ වැල්ලවාය දෙසට ධාවනය වූ බස් රථයක් ජීප් රථයක ගැටී අඩි 1000 ක ප්‍රපාතයකට පෙරළීමෙන් පුද්ගලයන් 15 දෙනෙකු මියගොස් 18 දෙනෙකු තුවාල ලබා තිබේ.
අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ පුද්ගලයින් 30 දෙනෙකු පමණ සිට ඇති අතර, සිද්ධියෙන් පිරිමි 06 දෙනකු සහ කාන්තාවන් 09 දෙනකු මියගොස් ඇත.
තුවාල ලැබූවන් අතර පිරිමි 6 දෙනෙකු, කාන්තාවන් 5 දෙනෙකු, පිරිමි ළමුන් 3 දෙනෙකු සහ ගැහැණු ළමුන් 2 දෙනෙකු සිටින අතර, ඔවුන් බදුල්ල රෝහලට ඇතුළත් කර ඇත.
මෙම පිරිස තංගල්ල සිට ඇල්ල දක්වා විනෝද චාරිකාවක් සඳහා ගොස් ආපසු නිවසට යමින් සිටියදී අනතුර සිදුවී ඇත. ඇල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart