
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
හිටපු අගමැති එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක ඝාතනය සම්බන්ධයෙන් එල්ලා මරා දමන ලද තල්දූවේ සෝමාරාම හිමියන්ගේ අපවත්වීම ලියාපදිංචි නොකළේ මන්දැයි සමගි ජන බලවේගයේ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ අධිකරණ ඇමැතිවරයාගෙන් පාර්ලිමේන්තුවේදී විමසා තිබේ.
පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට අනුව සෝමාරාම හිමිගේ මරණ සහතිකය මෙතෙක් නිකුත් කර නොමැති බව පතිරණ මන්ත්‍රීවරයා සිය ප්‍රශ්නයේදී පවසයි.
1962.07.06 වැනි දින සෝමාරාමගේ මරණය සම්බන්ධයෙන් ඔහු එල්ලා මරා දමන ලද බවට සඳහන් වුවද එය ලියාපදිංචි කර නොමැති බව ඇමැතිවරයා දන්නේදැයි මන්ත්‍රීවරයා විමසා තිබේ.
සෝමාරාම හිමියන්ගේ මරණ සහතිකය ලබා නොදීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලද්දේදැයි සභාවට දන්වන ලෙස ද මන්ත්‍රීවරයා ඇමැතිවරයාගෙන් ඉල්ලා තිබේ.
එසේ නම්, එහි නිගමනයත් නොඑසේ නම් ඒ සම්බන්ධ පරීක්ෂණයක් පවත්වන්නේද යන්නත් මරණීය දණ්ඩනය බලාත්මක කිරීමෙන් පසු මරණ සහතික නිකුත් නොකළ වෙනත් පුද්ගලයන් සිටීද යන්න සහ එසේ නම් ඒ මන්ද යන්නත් ඔහු ප්‍රශ්න කර තිබේ.
1948.02.04න් පසු ශ්‍රී ලංකාවේ මරණීය දණ්ඩනය පැනවීමෙන් පසු එල්ලා මරා දමන ලද පුද්ගලයන් සංඛ්‍යාව සභාවට දන්වන ලෙස ද පතිරණ මන්ත්‍රීවරයා ඇමැතිවරයාගෙන් ඉල්ලා සිටී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart