
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඔස්කාර් සම්මානලාභී අමෙරිකානු නළු ජීන් හැක්මන් සහ ඔහුගේ බිරිඳ බෙට්සි අරකාවා නිව් මෙක්සිකෝවේ සැන්ටා ෆේ හි පිහිටි නිවසේ මියගොස් සිටියදී ඔවුන්ගේ සිරුරු හමුවී තිබේ.
මියයන විට ජීන් හැක්මන් 95 හැවිරිදි වියෙහි පසු වූ අතර ඔහුගේ බිරිඳ බෙට්සි අරකාවා 63 වැනි වියෙහි පසුවිය.
විදෙස් ජනමාධ්‍ය වාර්තා කළේ, එම නිවසේ සිටි සුනඛයා ද මියගොස් සිටි බවයි.
දශක හයකට වැඩි කාලයක් පුරා දිවෙන සිය වෘත්තීය ජීවිතය තුළ ජීන් හැක්මන් ඇකඩමි සම්මාන දෙකක්, Baftas සම්මාන දෙකක්, ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන හතරක් සහ Screen Actors Guild සම්මානයක් ලබා තිබේ.
නිව් මෙක්සිකෝවේ සැන්ටා ෆේ ප්‍රාන්ත ෂෙරිෆ්වරයා පවසා ඇත්තේ, ජීන් හැක්මන් සහ ඔහුගේ බිරිඳ යන දෙදෙනාම බදාදා දහවල් සන්සෙට් ට්‍රේල් හි පිහිටි ඔවුන්ගේ නිවසේදී මියගොස් ඇති බව තහවුරු කළ හැකි බවයි.
මරණ සම්බන්ධයෙන් නිශ්චිත හේතුවක් මෙතෙක් අනාවරණ වී නොමැති බවත්, ඒ සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් ක්‍රියාත්මක බවත් ඔහු පවසා තිබේ.
පරීක්ෂණ අතරතුර සෝදිසි වරෙන්තුවක් අනුමත කරන තෙක් බලා සිටින බව ද ෂෙරිෆ්වරයා පවසා ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart