
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මීගමුව බන්ධනාගාරයේ පසුගිය 06 වැනිදා සිදුවූ ගැටුම අතරතුර පහරදී අමානුෂික ලෙස වධදී නිලධාරීන් 08 දෙනෙක් ඝාතනය කළ රැඳවූවන් හඳුනා ගැනීමට විමර්ශන මේ වන විට සිදුකරමින් පවතින බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මෙහිදී බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවූවන් 19 ෙදනෙක් ද මෙදින ඝාතනය වී ඇති බැවින් එම ඝාතනයට වගකිව යුතු පිරිස් හඳුනා ගැනීමට ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන පවත්වයි.
එම රැඳවූවන් අතරින් 14 දෙනෙක් මියගොස් ඇත්තේ වෙඩි වැදීම්වලිනි. ඉන්දියානුවෙක් ඇතුළු සිව් දෙනකුගේ මරණ පරීක්ෂණ ඥාතීන් විසින් සිරුරු හඳුනාගන්නා තුරු සිදුකර නොමැත. එක් සිරුරක් සම්බන්ධයෙන් අධිකරණ වෛද්‍ය විශේෂඥ කමිටුව විසින් ලබා දී ඇත්තේ විවෘත තීන්දුවකි.
වෙඩි වැදී මියගිය රැඳවූවන්ගේ සිරුරුවල තිබී හමුවූ මූනිස්සම් අධිකරණ නියෝගයකින් රස පරීක්ෂක වෙත යොමුකර වෙඩි තැබූ ගිනිඅවිය හඳුනා ගැනීමට පරීක්ෂණ පැවැත්වෙන බව සඳහන්ය. මෙතෙක් වෙඩි තැබූ අවිය හෝ වෙඩි තැබූ පුද්ගලයන් පැහැදිලිවම හඳුනාගෙන නොමැති බැවින් මීගමුව බන්ධනාගාරයේ තිබූ සියලුම ගිනිඅවි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන ඇත. එම අවි, රස පරීක්ෂක වෙත ඉදිරිපත් කර මියගිය රැඳවූවන්ගේ සිරුරෙන් හමුවූ මූනිස්සම් නිකුත් වූ ගිනිඅවිය හඳුනා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පියවර ගැනීමට නියමිතය. ගැටුමෙන් පසු බන්ධනාගාර පරිශ්‍රය පරීක්ෂා කිරීමේදී එහි තිබී මිලි මීටර් 09 වර්ගයේ හිස් පතරොම් කොපු කිහිපයක් හමුවී ඇත. මෙම පතරොම් යොදනු ලබන්නේ පිස්තෝල අවිවලටය. පසුගිය 06 වැනිදා බන්ධනාගාරයේ ගැටුම ඇතිවන අවස්ථාවේදී බන්ධනාගාරයේ ප්‍රධාන දොරටුව ඉදිරිපිට සිට ලෑලි දොර කවුළුවෙන් ටී 56 අවියෙන් වෙඩි තැබූ බන්ධනාගාර නිලධාරියා හැරුණු කොට කිසිදු නිලධාරියෙක් වෙඩි නොතැබූ බවත් වෙඩි තැබීමට බන්ධනාගාරය සතු ගිනිඅවි භාවිත කර නැති බවත් බන්ධනාගාරය පාර්ශ්වයෙන් පවසන බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
ඒ අනුව වෙඩිතැබූ පුද්ගලයන් සහ ගින්අවි හඳුනාගෙන නැති බව පොලීසිය කියයි. 05 වැනිදා බන්ධනාගාරය තුළ නොසන්සුන් තත්ත්වය ඇතිවී රැඳවූවන් දෙදෙනෙක් ඝාතනය වන අවස්ථාව වන විට බන්ධනාගාරය තුළ වූ අවි ගබඩාවේ තිබූ සියලුම ගිනිඅවි ආරක්ෂිතව ඉවත් කර ගත් බව ද බන්ධනාගාරය පාර්ශ්වයෙන් සඳහන් කරයි. එසේ නම් මිලි මීටර් 09 හිස් පතරොම් කොපු බන්ධනාගාරය තුළට ආ ආකාරය රස පරීක්ෂක විසින් සිදුකරනු ලබන විමර්ශනවලින් තහවුරුවනු ඇතැයි පොලීසිය විශ්වාස කරයි. දොරටුව ඉදිරිපිට සිටි නිලධාරියා හැරුණු කොට කිසිදු බන්ධනාගාර නිලධාරියෙක් වෙඩි තබා ඇති බව සඳහන් නොකරන බැවින් රැඳවූවන්ට වෙඩි තැබූ අය විමර්ශන ඔස්සේ හඳුනා ගැනීමට පොලීසිය පියවර ගනිමින් සිටියි.
මීගමුව බන්ධනාගාරයේදී රැඳවූවන්ගේ පහරකෑමට ලක්ව ඝාතනය වී ඇත්තේ “බන්ධනාගාර හදිසි ප්‍රතිචාර උපක්රමික බළකායේ” නිලධාරීන් 08 දෙෙනකි. තවත් කිහිප දෙනෙක් තුවාල ලබා ප්‍රතිකාර ලබති. මෙම නිලධාරීන් වැලිකඩ සිට මීගමුවට පැමිණ ඇත. රැඳවූවන් මෙම නිලධාරීන් ඉලක්ක කරගෙනම පහරදී ඇති බවක් දක්නට ඇති බවත් පොලීසිය කියයි. ඒ සම්බන්ධයෙන් ද මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිය අවධානය යොමුකර ඇත.
මෙම ඝාතනයන්ට සම්බන්ධ රැඳවූවන් ගණන පැහැදිලිවම තවමත් හඳුනාගෙන නොමැති බවත් විවිධ නම් කියවුණත් සාක්ෂි සහිතව ඒ පුද්ගලයන් හඳුනා ගැනීමට විමර්ශන පැවැත්වෙන බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් කීය. ගැටුමෙන් පසු බන්ධනාගාරය තුළ සිදුකළ සෝදිසියකදී තියුණු ආයුධ සමඟ පොලු මුගුරු විශාල ප්‍රමාණයක් ද පොලීසිය සොයාගෙන තිබේ. පිහි, මන්න, කතුරු, නියන් ඒ අතර තිබූ බව පොලීසිය සඳහන් කළේය.
ඇතැම් ආයුධ මුළුතැන්ගෙයි තිබූ ඒවා වන අතර තවත් ආයුධ රැසක් රැඳවුවන් විසින් බන්ධනාගාරය තුළදී නිෂ්පාදනය කරගත් ඒවා බව පෙනීගොස් ඇත. එම ආයුධ රැස්කර තබා ගැනීමෙන්ම සැකකරනු ලබන්නේ රැඳවූවන් යම් කලහකාරී සිදුවීමකට කල්තියාම සූදානමින් සිට ඇති බවය.
බන්ධනාගාරය තුළ මෙවැනි ආයුධ, රැඳවූවන් රැස්කර තබාගැනීම ද ගැටලුවක් බවත් ගැටුමට පෙර සිදුකරන සෝදිසි කිරීම්වලදී එම ආයුධ හමුවී වී නොමැතිකමත් පොලීසියට ගැටලුවක් වී ඇත.
මේ සියලු කාරණා ඉදිරියේදී අධිකරණය හමුවේ කරුණු දක්වමින් වාර්තා කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සූදානමින් සිටියි. රැඳවූවන්ගෙන් මෙන්ම බන්ධනාගාර නිලධාරීන්ගෙන් ද සාක්ෂි සටහන් කර ගැනීම් මේ දිනවල සිදුකරමින් පවතින බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.(දිනමිණ)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart