
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ඇතුළු 06 දෙනෙකුට අද දහවල් 12.00 සිට පස්වරු 6.00 දක්වා කොළඹ කොටුව ප්‍රදේශයේ ප්‍රදේශ කිහිපයක විරෝධතා හෝ පෙළපාලිවල නිරතවීම වළක්වාලමින් කොටුව මහේස්ත්‍රාත්වරයා නියෝගයක් නිකුත් කර තිබේ.
විරෝධතාකරුවන් පිරිසක් කොටුව දුම්රිය ස්ථානය අසලින් විරෝධතා පා ගමනක් පැවැත්වීමට සැලසුම් කර ඇති බවත්, ඒ හේතුවෙන් මහජනතාවට සහ රියදුරන්ට අපහසුතාවයක් ඇති විය හැකි බවත් කොටුව පොලිසිය කොටුව මහේස්ත්‍රාත්වරයාට දැනුම්දීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කර ඇත.
ඒ අනුව විරෝධතාකරුවන්ට ජනාධිපති කාර්යාලය, ජනාධිපති මන්දිරය, මුදල් අමාත්‍යාංශය, මහ බැංකුව, පොලිස් මූලස්ථානය, ඕල්කට් මාවත, කොටුව දුම්රිය ස්ථානය සහ සීටීඕ හන්දිය අතර ලෝටස් පාර, සීටීඕ හන්දියේ සිට එන්එස්ඒ වටරවුම, යෝර්ක් වීදිය, බැංකු පාර ඇතුළු ස්ථාන කිහිපයකට ඇතුළු නොවන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
ජාතික ජන බලවේගය අද පස්වරුවේ කොළඹ කොටුවේදී විරෝධතා ව්‍යාපාරයක් සංවිධානය කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart