
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
රජයේ සේවයේ නියුතු විශේෂඥ වෛද්‍යවරුන්ගේ විශ්‍රාම යන වයස දීර්ඝ කිරීමට අභියාචනාධිකරණය නියෝගයක් නිකුත් කර තිබේ.
අධිකරණ නියෝගයට අනුව රජයේ සේවයේ නියුතු විශේෂඥ වෛද්‍යවරුන් විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 63 දක්වා දීර්ඝ කිරීමට නියමිතයි.
විශේෂඥ වෛද්‍යවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 60 දක්වා අඩු කිරීමට කැබිනට් මණ්ඩලය ගත් තීරණයට එරෙහිව ගොනු කර ඇති රිට් පෙත්සම සළකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කර ඇත.
කැබිනට් මණ්ඩල තීරණය අභියෝගයට ලක්කරමින් වෛද්‍යවරුන් 176 දෙනකු විසින් මෙම පෙත්සම ගොනු කර තිබිණි.
රාජ්‍ය සේවයේ නියුතු විශේෂඥ වෛද්‍යවරුන්ගේ සේවා කාලය වයස අවුරුදු 63 දක්වා දීර්ඝ කිරීමට තීරණය කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය ද මේ වසරේ ජුනි මාසයේදී අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart