June 14, 2026

වත්මන් ආණ්ඩුවේ ක්‍රියාකලාපය හේතුවෙන් තව නොබෝ දිනකින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම කඩාවැටෙනු ඇති බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසා ඇත.

කොළඹ මල් පාරේ පිහිටි දේශපාලන කාර්යාලයේදී පැවැති එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම අමතමින් ඔහු මේ බව සඳහන් කර ඇති බව වාර්තා වේ.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා පවසා ඇත්තේ, රණවිරුවන් සහ මහා සංඝරත්නය නොසලකා හරිමින්, ඔවුන් නැතිකිරීමේ පාලන යාන්ත්‍රණයක් වර්තමානය තුළ ක්‍රියාත්මක වන බවයි.