
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර වෙඩි තබා ඝාතනය කළේ බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින මිදිගම රුවන් නමැති පාතාල නායකයා ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටින ඩුබායි ලොක්කා නමැති පාතාල ප්‍රබලයාට ලබාදුන් කොන්ත්‍රාත්තුවක් මත බව පොලිස් විමර්ශනවලින් හෙළිවී ඇත.
මෙම ඝාතනය සිදුකළ කුලී ඝාතකයාට රුපියල් විසි ලක්ෂයක කොන්ත්‍රාත් මුදල ලබාදී ඇත්තේ ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටින ‘රන් පැටියා’ නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරු විසින් බව ද මේ වනවිට අනාවරණය වී තිබේ.
එම කොන්ත්‍රාත් මුදල ලබාදී ඇත්තේ ඩුබායි ලොක්කාගේ උපදෙස් මත බව ද හෙළි වී ඇත.
මෙවර වැලිගම ප්‍රාදේශීය සභාවට ජාතික ජනබලවේගය පක්ෂයෙන් තේරුණු නීතිඥ තාරක නානායක්කාරගේ නිවසට වෙඩිතැබීමේ සිද්ධිය ද සැලසුම් කර ඇත්තේ මිදිගම රුවන්ගේ නියෝග මත ඩුබායි ලොක්කා විසින් බව මේ වන විට හෙළිවී ඇත.
එම වෙඩි තැබීම ලසන්ත වික්‍රමසේකර විසින් සිදුකළ බවට ඒත්තු ගන්වා ඔහු වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා වීම වැළැක්වීම මිදිගම රුවන්ගේ සැලසුම වී තිබූ බව ද මේ වනවිට අනාවරණය වී තිබේ.
විමර්ශනවලින් හෙළි වී ඇති අන්දමට මිදිගම රුවන්ගේ පාතාල කල්ලියේ හොඳම ගෝලයා බවට පත්ව සිටින්නේ ඩුබායි ලොක්කා ය.
මිදිගම රුවන්ගේ පාතාල ක්‍රියාකාරකම් මෙන්ම මත්ද්‍රව්‍ය ජාලය ද මෙහෙයවන්නේ ඩුබායිහි සිටින ඩුබායි ලොක්කා විසිනි.
මිදිගම රුවන්ගේ උපදෙස් මත දකුණු පළාතේ සිදුකළ අපරාධ ගණනාවක් පිටුපස ඩුබායි ලොක්කා සිටින බවට පොලිසිය සැකකරයි.
වැලිගම ප්‍රාදේශීය සභා සභාපති ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තාරක නමැති කුලී ඝාතකයා මුලින් පාපෝච්චාරණය කර තිබුණේ මෙම ඝාතනය සඳහා තමන්ට නියෝග ලබා දුන්නේ මිදිගම චූටි බවයි.
එහෙත් මිදිගම චූටි මේ වනවිට ඕමාන් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කර සිටී.
මිදිගම චූටි, ලසන්ත වික්‍රමසේකරගේ සමීප මිතුරකු බව ද මේ වනවිට හෙළි වී ඇත.
මෙම ඝාතනය සිදුකර එහි වරද මිදිගම චූටිගේ කර පිට පැටවීම මිදිගම රුවන්ගේ සැලසුම වී තිබූ බව ද අනාවරණය වී තිබේ.(දිවයින)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart