
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
2026 වසරේ ජනවාරි මාසයේ සිට අප්‍රේල් මාසය අවසන් වන තෙක් කාලය ඇතුළත පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය දිවයින පුරා සාර්ථක වැටලීම් 7,334ක් සිදුකර තිබේ.
එම අධිකාරිය පවසන්නේ වෙළඳපොළ තුළ සිදුවන විවිධ සූරාකෑම් වළක්වා, පාරිභෝගිකයාට සාධාරණ වෙළඳ පරිසරයක් නිර්මාණය කර දීම මෙහි ප්‍රධාන අරමුණ බවයි.
එහිදී පාරිභෝගික නීති උල්ලංඝනය කරමින් කටයුතු කළ වෙළඳුන්ට එරෙහිව නඩු පැවරීමට කටයුතු කර ඇති අතර, එම නඩු සඳහා අධිකරණ විසින් රුපියල් 89,689,000ක (කෝටි 8.9කට අධික) දඩ මුදලක් පනවා ඇත.
වැඩිම වැටලීම් වාර්තා වූ දිස්ත්‍රික්ක ලෙස කුරුණෑගල – 654, කොළඹ – 519, පුත්තලම – 511, මහනුවර – 502 සහ මාතලේ – 439ක් වශයෙන් වාර්තා වන බව එම අධිකාරිය පවසයි.
මෙම මෙහෙයුම්වලදී පාරිභෝගික ජනතාව එදිනෙදා භාවිත කරන භාණ්ඩවල ප්‍රමිතිය සහ නියමිත මිල ගණන් පිළිබඳ අධිකාරිය විශේෂ අවධානයක් යොමු කර තිබේ.
ඒ යටතේ සහල් සහ සීනි වැනි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය, බිස්කට්, සිසිල් බීම, පානීය ජල බෝතල් මෙන්ම වෙළඳපොළේ ඇති විවිධ ආලේපන වර්ග (Creams) සහ විදුලි උපකරණවල (Sockets, Wire Cords) ගුණාත්මකභාවය හා ආරක්ෂිත බව පිළිබඳ දැඩිව පරීක්ෂා කළ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.
වෙළඳපොළ තුළ සිදුවන අසාධාරණ ක්‍රියාකාරකම්, ප්‍රමිතියෙන් තොර භාණ්ඩ අලෙවිය හෝ මිල ගණන් සම්බන්ධ තොරතුරු 1977 කෙටි ඇමතුම් අංකයට කාර්යාල වේලාවන් තුළදී දැනුම්දෙන ලෙස පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ජනතාවගෙන් ඉල්ලා සිටියි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart