December 26, 2025

2025 ජූලි සිට සැප්තැම්බර් දක්වා කාලය තුළ LOLC ෆිනෑන්ස් සහ ජාතික සංවර්ධන බැංකුව ඇතුළු ආයතන කිහිපයකින් ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය රුපියල් මිලියන 9.5ක පරිපාලන දඩ මුදලක් අයකරගෙන තිබේ.

2006 අංක 6 දරන මූල්‍ය ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ විධිවිධානවලට අනුකූල නොවීම සම්බන්ධයෙන් LOLC ෆිනෑන්ස්, ෆින්ට්‍රෙක්ස් මූල්‍ය, රැන්ක් එන්ටර්ටේන්මන්ට් (පෞද්ගලික) සමාගම (කැසිනෝ මරීනා), පෑන් ඒෂියා බැංකු සංස්ථාව, බුලියන් එක්ස්චේන්ජ්, ජාතික සංවර්ධන බැංකුව සහ මොබිටෙල් යන ආයතනවලට මෙලෙස මූල්‍ය දඩ නියම කරන ලදී.

“ආයතනවල අදාළ අනුකූල නොවන ක්‍රියාවන්හි ස්වභාවය සහ බරපතළකම සැළකිල්ලට ගනිමින් දඬුවම් නියම කරන ලදී” යනුවෙන් මහ බැංකුව පැවසීය.

“ඒ අනුව, ශ්‍රී ලංකාවේ මුදල් විශුද්ධිකරණය වැළැක්වීම සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම වැළැක්වීම සඳහා වන නියාමන ආයතනය ලෙස, මූල්‍ය බුද්ධි ඒකකය 2025 ජූලි සිට සැප්තැම්බර් දක්වා කාලය තුළ ආයතනවල අනුකූලතාව බලාත්මක කිරීම සඳහා පහත දක්වා ඇති පරිදි දඩ මුදල් එකතුකරගත් අතර, එය මුළු රුපියල් මිලියන නව ලක්ෂ පන්සියයකි.” යනුවෙන් ද මහ බැංකුව සඳහන් කරයි.

දඬුවම් ලෙස එකතු කරන ලද මුදල් ඒකාබද්ධ අරමුදලට බැරකර තිබේ.