
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඇතැම් යෝජනා ක්‍රියාත්මක කිරීමට උත්සහ කිරීම හේතුවෙන් වර්තමානයේ සිදුව ඇත්තේ ඔවුන්ගේ ප්‍රාණ ඇපකරුවෙකුගේ තත්වයට පත්වීම බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.
එලෙස කටයුතු කිරීමට ගොස් මහ බැංකුව ද වගකීමක් නොමැති ආයතනයක් බවට පත්ව ඇතැයි මන්ත්‍රීවරයා චෝදනා කළේය.
එමෙන්ම ඔහු පැවසුවේ 2024 වසරේදී මහ බැංකු පනත ගෙන ඒමේදී එහි වගන්තිය 5 (2) යටතේ පවතින්නේ මහ බැංකුව ස්වාධීන සහ වගකිමක් සහිත ආයතනයක් විය යුතු බවයි.
එහෙත් ස්වාධීන ලෙස කටයුතු කිරීමට මහ බැංකුවට අවස්ථා තිබුණ ද මහ බැංකුව වගකිව යුතු වන්නේ ජනාධිපතිවරයාට ද, පාර්ලිමේන්තුවට ද එසේ නැතහොත් රටේ ජනතාවට ද සහ වගකියනු ලබන්නේ කුමන ආකාරයෙන් ද යන්න සඳහන්ව නොමැති බව ද මන්ත්‍රීවරයා පැවසුවේය.
ඔහු පෙන්වා දුන්නේ මහ බැංකුව සිදු කරන්නේ වාර්තා කිහිපයක් පාර්ලිමේන්තුවේ කමිටුවක් හමුවට ඉදිරිපත් කර ඉන් අනතුරුව නිහඬ ප්රතිපත්තියක සිටීම බවයි.
එබැවින් මහ බැංකුව ස්වාධීන බව ආරක්ෂා කළ ද වගවීමක් නොමැති බවට මන්ත්‍රීවරයා පැවසුවේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart