August 27, 2026

නේපාලයේ සිදු වූයේ භූ කම්පනයක් නොව, ග්ලැසියරයක් සහ හිමකන්දක් කඩා වැටීම නිසා ඇති වූ ඛේදජනක සිදුවීමක් බව ඇමරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය (USGS) තහවුරු කරයි.

මෙම සිදුවීම මීට පෙර රික්ටර් මාපක 4.4ක භූමිකම්පාවක් ලෙස ප්‍රථමයෙන් වාර්තා කර තිබිණි.

කෙසේවෙතත්, ආසන්නයේ පිහිටි භූ කම්පන මධ්‍යස්ථානවල දත්ත, දීර්ඝ කාලීන භූ කම්පන තරංග සහ චන්ද්‍රිකා ඡායාරූප විශ්ලේෂණය කිරීමෙන් පසු කිසිදු භූභූ කම්පනයක් සිදුව නොමැති බවත්, මෙය ග්ලැසියරයක් කඩා වැටීමෙන් සිදු වූවක් බවත් එම ආයතනය තහවුරු කර ඇත.

මීට පෙර නේපාල බලධාරීන් ද පවසා තිබුණේ කන්දකින් දැවැන්ත හිම කුට්ටියක් කඩා වැටී, ඒ සමඟ පස් සහ ගල් තට්ටු පහළට ඇදී යෑමෙන් මෙම විනාශය සිදුවන්නට ඇති බවයි.

මෙම දැවැන්ත ව්‍යසනයට මුල් වූ සිදුවීම් මාලාවේ නිශ්චිත අනුපිළිවෙල සහ තාක්ෂණික හේතු පිළිබඳ විද්‍යාඥයන් තවදුරටත් පුළුල් විමර්ශන පවත්වමින් සිටියි.