
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ විමර්ශන ස්වාධීනව සිදුකිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර දිය යුතු බව කොළඹ අගරදගුරු සන්නිවේදන කමිටු සාමාජික සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමෝ පවසති.
එමෙන්ම එතුමන් පෙන්වාදෙන්නේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් නොහොත් පිල්ලෙයාන්ගේ ලේකම්වරයා වන අසාද් මවුලානාගේ ප්‍රකාශ සම්බන්ධයෙන් පරීක්ෂණයක් කළ යුතු බවයි.
“මවුලානා මාර්ගයකින් ප්‍රශ්න කළ යුතුයි” සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා ජනමාධ්‍ය හමුවකදී පැවසූහ.
“චැනල් ෆෝ ක්ලිප් එකේ සුරේෂ් සලෙයි සහ මවුලානා යන දෙදෙනා ගැනම සඳහන් කර තිබුණා. කෙසේවෙතත් මේ දක්වා ප්‍රශ්න කර ඇත්තේ සලෙයිගෙන් පමණි. ඒ නිසා මවුලානා ගැනත් සොයාබැලීම අත්‍යවශ්‍යයි. ඒ වගේම පරීක්ෂණ ඉවර වෙන්න කලින් ඒ ගැන නිගමනවලට එන්නත් එපා” යැයි එතුමන් කියාසිටියේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බවට හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල පසුගියදා කළ ප්‍රකාශය ගැන සඳහන් කරමින්ය.
පරීක්ෂණ අවසන් වනතුරු ඉවසීමෙන් කටයුතු කළ යුතු බවද සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා පෙන්වාදුන්නෝය.
වත්මන් ආණ්ඩුව යටතේ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවල යම් ප්‍රගතියක් පවතිනු ඇති බවට කතෝලික සභාව විශ්වාසය පළකරන බවද උන්වහන්සේ පැවැසූහ.
”වත්මන් රජය සියයට සියයක් විශ්වාස කරන බව අපට පැවසිය නොහැකි නමුත් පරීක්ෂණ නිවැරදි දිශාවට ගමන් කරනු ඇතැයි අපට විශ්වාසයි” උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළහ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart