
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ත්‍රිකුණාමලය ලංගම බස් රථ නැවතුම්පොළේ වේලා සටහන්කරුට පහරදී තුවාල කළේ යැයි කියන බ්‍රිතාන්‍ය ජාතික සංචාරයෙක් ත්‍රිකුණාමලය මූලස්ථාන පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් පෙරේදා (13) සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.
පහරකෑමට ලක්වූ වෙලා සටහන්කරු ත්‍රිකුණාමලය මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් පසුවේ.
බ්‍රිතාන්‍ය ජාතිකයා ලංගම බස් නැවතුම්පොළට පැමිණ කොළඹ යෑමට බස් රථයක් තිබේ දැයි කියා විමසා ඇතැයි පැවැසේ.
උදෑසන 10.30ට කොළඹ යෑමට නියමිත බස් රථය එදින ධාවනය නොවන බවත්, 11.30 ට බස් රථයක් කොළඹ බලා ධාවනය වන බවත් ඔහු බ්‍රිතාන්‍ය ජාතික සංචාරකයාට දැනුම් දී ඇතැයි පොලිසිය කියයි.
කොළඹ බලා ධාවනය වීමට නියමිත බස් රථය තවම බස් නැවතුම්පොළට නොපැමිණියේ මන්දැයි කියා විමසා ඔහු වේලා සටහන්කරුට පහර දී ඇතැයි ත්‍රිකුණාමලය මූලස්ථාන පොලිසියේ නිලධාරියෙක් ජනමාධ්‍ය වෙත පවසා ඇත.
වේලා සටහන්කරු මේ බව පොලිසියට පැමිණිලි කිරීමෙන් අනතුරුව සැකකාර බ්‍රිතාන්‍ය ජාතිකයා අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකාර බ්‍රිතාන්‍ය ජාතිකයා ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart