
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයට නව සභාපතිවරයකු මෙතෙක් පත්නොකිරීම හේතුවෙන් ප්‍රතිලාභ හිමියන්ට මුදල් ගෙවීමට නොහැකි වී ඇතැයි වාර්තා සඳහන් කරයි.
අදාළ ප්‍රතිලාභ මුදල් ගෙවීම අනුමත කිරීමට අධ්‍යක්ෂ මණ්ඩලය රැස් විය යුතු බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික කමල් පද්මසිරි පෙන්වාදෙයි.
එහෙත් මණ්ඩලයට මෙතෙක් සභාපතිවරයකු පත්නොකිරීම හේතුවෙන් මුදල් ගෙවීම් අනුමත කිරීමට නොහැකි වී තිබේ.
මීට මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ බි. විජේරත්න පසුගිය දා සිය තනතුරින් ඉල්ලා අස්විය. ජනාධිපති කාර්යාලයෙන් ලැබුණු නියෝගයකට අනුව එම ඉල්ලා අස්වීම සිදුවූ බව වාර්තා විය.
අනතුරුව නව සභාපතිවරයා ලෙස ජයන්ත විජේරත්න පත්කරන ලෙසට ජනාපතිවරයා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට යෝජනා කර තිබේ.
කෙසේ වෙතත් ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථා සභාව විසින් අදාළ නම මෙතෙක් අනුමත කර නැත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart