
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සංවිධානාත්මක අපරාධ මැඩපැවැත්වීම අරමුණු කරගත් පනත් කෙටුම්පතක් ලබන මාසය (2026 ජනවාරි) ඇතුළත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.
“සංවිධානාත්මක අපරාධ මැඩපැවැත්වීම අරමුණු කරගත් පනත් කෙටුම්පතක් අපි ජනවාරි මාසයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. මේ නීති සම්පාදනය හරහා සංවිධානාත්මක අපරාධ සඳහා දැඩි දඬුවම් සහ දිග සිර දඬුවම් හඳුන්වාදීමට අපේක්ෂා කරනවා.” යනුවෙන් මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල පවසා තිබේ.
මත්ද්‍රව්‍ය ජාවාරම් සහ අනෙකුත් සංවිධානාත්මක අපරාධ ක්‍රියාකාරකම්වලට සම්බන්ධ අපරාධකරුවන් දැනට ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනත යටතේ රඳවාගෙන සිටින බවත්, එමඟින් ප්‍රශ්න කිරීම සඳහා දීර්ඝ කාලයක් රඳවා තබාගැනීමට ඉඩ සලසන බවත් ඔහු පැවසීය.
නව පනත් කෙටුම්පත මගින් එවැනි සැකකරුවන් දීර්ඝ කාලයක් රඳවා තබාගැනීමට අවසර දීම සහ වෙනත් අරමුණු සඳහා පනවන ලද නීති මත රඳා නොසිට සංවිධානාත්මක අපරාධ ඉලක්ක කරගත් බලාත්මක කිරීමේ යාන්ත්‍රණයන් ශක්තිමත් කිරීම සඳහා නිශ්චිත නීතිමය විධිවිධාන සපයනු ඇති බව ඔහු පැවසීය.
පසුගිය සමයේ මෙරට සංවිධානාත්මක අපරාධ ක්‍රියාකාරකම්වල තියුණු වැඩිවීමක් නිරීක්ෂණය වූ අතර, ඒවා විශේෂයෙන් නීති විරෝධී මත්ද්‍රව්‍ය වෙළඳාමට සම්බන්ධ බව පෙනියයි.
බස්නාහිර සහ දකුණු පළාත් ඇතුළුව දිවයිනේ ප්‍රදේශ කිහිපයක ඉලක්කගත වෙඩි තැබීම්, කොන්ත්‍රාත් ඝාතන සහ කල්ලි ආශ්‍රිත ප්‍රචණ්ඩත්වයේ වැඩිවීමක් පොලිසිය වාර්තා කර ඇත.
මෙම අපරාධ බොහොමයක් මත්ද්‍රව්‍ය ජාල තුළ ඇති ආරවුල් සහ ජාවාරම් මාර්ග සහ බෙදාහැරීමේ මධ්‍යස්ථාන පාලනය කිරීමට ගන්නා උත්සාහයන් සමඟ සම්බන්ධ වී ඇති බව විශ්වාස කෙරේ.
කෙසේවෙතත්, සංවිධානාත්මක අපරාධ සම්බන්ධයෙන් ඵලදායී ලෙස කටයුතු කිරීම දුෂ්කර කරන, දැනට පවතින නීතිමය විධිවිධානවල විවිධ ආකාරයේ හිඩැස් තිබේ.
රටින් පිටත සිට ක්‍රියාත්මක වන පුද්ගලයන්ට එරෙහිව නඩු පැවරීමේ සීමාවන්, පිටුවහල් කිරීමේ ක්‍රියාවලීන් ප්‍රමාද වීම සහ අපරාධ ක්‍රියාකාරකම් හරහා අත්පත් කරගත් වත්කම් සොයා ගැනීමේ සහ රාජසන්තක කිරීමේ දුෂ්කරතා එම අභියෝග අතර වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart