
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පසුගිය වසර 75 තුළ (1947–2022) සිංහල සිනමාවේ බිහි වූ හොඳම චිත්‍රපට 25 ලැයිස්තුව නිකුත්කර තිබේ.
ශ්‍රී ලංකා සිනමාවේ සියවස් සැමරුම මෙම වසරට යෙදී ඇත.
ඒ අනුව, ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ රාජ්‍ය චිත්‍රපට උපදේශක මණ්ඩලය, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සහ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය සමඟ එක්ව ‘සිනමා විමර්ශී – ශ්‍රී ලාංකේය සිනමාවේ සියවස කලාපය’ ඊයේ(29) නිකුත් කළේය.
සඟරාව නිකුත්කිරීමට සමගාමීව හොඳම චිත්‍රපට ලැයිස්තුව පිළිබඳ නිවේදනය ද නිකුත් කරන ලදී.
මෙම චිත්‍රපට 25 තෝරා ගැනීම කර්මාන්ත වෘත්තිකයන් 150 දෙනෙකුගෙන් යුත් මණ්ඩලයක් විසින් පවත්වන ලද සමීක්ෂණයක් හරහා සිදුකර තිබේ.
රාජ්‍ය චිත්‍රපට උපදේශක මණ්ඩලයේ සභාපති ආචාර්ය සෙනේෂ් දිසානායක බණ්ඩාර විසින් චිත්‍රපට ලැයිස්තුව නිල වශයෙන් ඉදිරිපත් කරන ලදී.
එම චිත්‍රපට ලැයිස්තුව මෙසේයි;
නිධානය – ලෙස්ටර් ජේම්ස් පීරිස්
බඹරු ඇවිත් – ධර්මසේන පතිරාජ
ගම්පෙරළිය – ලෙස්ටර් ජේම්ස් පීරිස්
වැලිකතර – ඩී.බී.නිහාල්සිංහ
හංසවිලක් – ධර්මසිරි බණ්ඩාරනායක
දඩයම – වසන්ත ඔබේසේකර
පර දිගේ – ධර්මසේන පතිරාජ
පරසතුමල් – ගාමිණී ෆොන්සේකා
තුංමංහන්දිය – මහගම සේකර
පුරහඳ කළුවර – ප්‍රසන්න විතානගේ
විරාගය – තිස්ස අබේසේකර
මේ මගේ සඳයි – අශෝක හඳගම
අහස් ගව්ව – ධර්මසේන පතිරාජ
පවුරු වළලු – ප්‍රසන්න විතානගේ
සත්සමුදුර – සිරි ගුණසිංහ
ඉර මැදියම – ප්‍රසන්න විතානගේ
සුළඟ එනු පිණිස – විමුක්ති ජයසුන්දර
දෙලොවක් අතර – ලෙස්ටර් ජේම්ස් පීරිස්
රැකව – ලෙස්ටර් ජේම්ස් පීරිස්
සොල්දාදු උන්නැහේ – ධර්මසේන පතිරාජ
අහසින් වැටෙයි – විමුක්ති ජයසුන්දර
තුන්වෙනි යාමය – ධර්මසිරි බණ්ඩාරනායක
ගොළු හදවත – ලෙස්ටර් ජේම්ස් පීරිස්
හාරලක්ෂය – ටයිටස් තොටවත්ත
මිලේ සොයා – බූදී කීර්තිසේන
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart