April 11, 2026

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ‘කප්රුක’ ලොතරැයියෙන් මෙරට ලොතරැයි ඉතිහාසයේ වැඩිම ත්‍යාග මුදල වන රුපියල් 629,855,919.60ක (හැට දෙකෝටි අනූඅට ලක්ෂ පනස්පන්දහස් නවසිය දහනවයයි ශත හැටක) මුදල දිනුම්ලාභියා වෙත ඊයේ (10) නිල වශයෙන් ප්‍රදානය කෙරිණි.

සංවර්ධන ලොතරැයි මණ්ඩල ශ්‍රවණාගාරයේදී මෙම ත්‍යාග මුදල ප්‍රදානය කෙරුණු අතර ලොතරැයි පත අලෙවි කළ නියෝජිතවරයාටද මෙහිදී ඇගැයීම් සහ දිරිගැන්වීම් ත්‍යාග පිරිනැමීය.

සංවර්ධන ලොතරැයි පත්වලින් දිවයිනේ එක් එක් දිස්ත්‍රික්කවලින් බිහි වූ සුපිරි ජයග්‍රාහකයන් ඇතුළු විසිලක්ෂපතියන් හා දසලක්ෂපතියන් සඳහා චෙක්පත් ප්‍රදානය කිරීමත් මෙහිදී සිදුකෙරිණි.

මෙම අවස්ථාවට වෙළෙඳ අලෙවි හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය වසන්ත සමරසිංහ, සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති/ ප්‍රධාන විධායක නිළධාරි නීතිඥ හේමන්ත ස්වර්ණතිලක , සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ අධ්‍යක්ෂක චානක්‍ය ලියනගේ, ලලිත් ඇතුලත්මුදලි මහපොළ ශිෂ්‍යත්ව භාර අරමුදලෙහි අධ්‍යක්ෂ ඩී.ආර්.සී. ජයවර්ධන, ජාතික සමූපකාර තොග වෙළඳ සංස්ථාවේ සභාපති කෝසල විල්බාව සහභාගී වූහ.