
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ලෝක පාපන්දු ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින්, ප්‍රථම වතාවට රටවල් තුනක (මෙක්සිකෝව, කැනඩාව සහ ඇමෙරිකාව) ඒකාබද්ධ සත්කාරකත්වයෙන් සහ සහභාගී වන කණ්ඩායම් සංඛ්‍යාව 48ක් දක්වා ඉහළ නංවමින් පැවැත්වෙන 2026 FIFA ලෝක කුසලාන පාපන්දු තරගාවලිය බ්‍රහස්පතින්දා (ජූනි 11) මෙක්සිකෝවේ ඓතිහාසික ‘ඇස්ටෙකා’ (Estadio Azteca) ක්‍රීඩාංගණයේදී අතිඋත්කර්ෂවත් අන්දමින් ආරම්භ විය.
දින 37ක් පුරා තරග 104ක් පැවැත්වෙන මෙම දැවැන්ත ක්‍රීඩා මහෝත්සවයේ මෙවර සුවිශේෂීම තීරණය වන්නේ, ලෝක කුසලාන ඉතිහාසයේ ප්‍රථම වතාවට සත්කාරක රටවල් තුනේම (මෙක්සිකෝව, කැනඩාව, ඇමෙරිකාව) ප්‍රධාන නගර තුනකදී වෙනස්ම තේමාවන් රැගත් සමාරම්භක උත්සව 3ක් පැවැත්වීමට FIFA සංවිධායකයන් කටයුතු යොදා තිබීමයි.
ශකිරාගේ ඓතිහාසික 4 වන ලෝක කුසලාන ආගමනය
මෙක්සිකෝ සිටි හි පිහිටි ප්‍රේක්ෂකයින් 80,000කට අධික පිරිසකින් පිරී ඉතිරී ගිය ‘ඇස්ටෙකා’ ක්‍රීඩාංගණයේ පැවැත්වුණු මංගල සමාරම්භක උත්සවයේ ප්‍රධානතම ආකර්ෂණය වූයේ ලෝක පූජිත කොලොම්බියානු රැජින ශකිරා (Shakira) ය.
මෙය ශකිරා ලෝක කුසලාන පාපන්දු තරගාවලියක් සඳහා සිය දායකත්වය දැක්වූ සිව්වැනි අවස්ථාව ලෙස ඉතිහාසයට එක් විය. ඇය මීට පෙර:
* 2006 (ජර්මනිය): “Hips Don’t Lie – Bamboo” ගීතය,
* 2010 (දකුණු අප්‍රිකාව): ලොව අතිශය ජනප්‍රිය වූ නිල තේමා ගීතය වන “Waka Waka”,
* 2014 (බ්‍රසීලය): අවසන් මහා තරගයේදී “La La La” ගීතය ගායනා කරමින් ලෝකයම වසඟයට ගත්තාය.
මෙවර 2026 තරගාවලියේදී, ඇය නයිජීරියානු ඇෆ්‍රෝබීට්ස් (Afrobeats) ගායක බර්නා බෝයි (Burna Boy) සමඟ එක්ව, මෙවර තරගාවලියේ නිල ගීතය වන “Dai Dai” ගීතය ප්‍රථම වතාවට සජීවීව ගායනා කරමින් ක්‍රීඩාංගණයම උඩුයටිකුරු කළාය. රෙගේටන් සහ ඇෆ්‍රෝබීට්ස් මුසු වූ මෙම ගීතය ගායනා කරන අතරතුර ඇය දැක්වූ ඉහළ ශක්තිය (Energy) සහ නර්තන විලාසය ප්‍රේක්ෂකයින්ගේ දැඩි ප්‍රශංසාවට ලක් විය. මෙම ගීතයෙන් ලැබෙන සමස්ත ආදායම ළමා අධ්‍යාපනය වෙනුවෙන් වන ‘FIFA Global Citizen Education Fund’ අරමුදලට පරිත්‍යාග කෙරේ.
මෙක්සිකානු සංස්කෘතිය සහ සෙසු තරු
ශකිරා සහ බර්නා බෝයිට අමතරව, මිනිත්තු 17ක මෙම උත්සවය සඳහා මෙක්සිකානු සාම්ප්‍රදායික සංස්කෘතිය විදහාපාන ඇස්ටෙක් (Aztec) නර්තන ශිල්පීන්, ලෝක ප්‍රකට මෙක්සිකානු සංගීත කණ්ඩායමක් වන Maná, ගායිකා Belinda සහ J Balvin ද සිය දායකත්වය සැපයූහ. මෙක්සිකානු ජාතික ගීය ගායනා කරන ලද්දේ ප්‍රකට ගායක ඇලෙහන්ඩ්‍රෝ ෆර්නැන්ඩස් විසිනි. උත්සවය අවසානයේ මෙක්සිකානු ධජයේ වර්ණවලින් අහස සිත්තම් කළ දැවැන්ත ගිනිකෙළි සංදර්ශනයක් ද පැවැත්වුණි.
මෙම උත්කර්ෂවත් උත්සවයෙන් අනතුරුව පැවැත්වුණු මංගල තරගයෙන් සත්කාරක මෙක්සිකෝව 2-0ක් ලෙස දකුණු අප්‍රිකාව පරාජය කරමින් සිය ජයග්‍රාහී ගමන ආරම්භ කළේය.
Estadio Guadalajara හි පැවති A කාණ්ඩායේ දෙවැනි තරගයේදී චෙක් ජනරජය පරාජය කරමින් දකුණු කොරියාව 2 -1 ලෙස තරගය ජයගත්තේය.
කැනඩාව සහ ඇමෙරිකාවේ සෙසු සමාරම්භයන්
මෙක්සිකෝවේ උත්සවයට සමගාමීව කැනඩාවේ සහ ඇමෙරිකාවේ ද සමාරම්භක උත්සව පැවැත්විණි.
* කැනඩාව : කැනඩාවේ ටොරොන්ටෝ හිදී මයිකල් බුබ්ලේ (Michael Bublé) සහ ඇලැනිස් මොරිසෙට් ප්‍රධාන ප්‍රසංගය පැවැත්වූහ.
* ඇමෙරිකාව : ලොස් ඇන්ජලීස් හි පැවැත්වුණු උත්සවය හොලිවුඩ් ආභාෂය රැගත් එකක් වූ අතර, එහිදී ලෝක ප්‍රකට ගායිකා කේටි පෙරි (Katy Perry) සහ බ්ලැක්පින්ක් (Blackpink) කණ්ඩායමේ සුපිරි තරුවක් වන ලීසා (LISA) ප්‍රේක්ෂකයින් කුල්මත් කළහ.
උද්‍යෝගය මැද මතුවූ සමාජීය අර්බුද
මෙම මහා පාපන්දු සැණකෙළියේ ආලෝකය මැද, සත්කාරක රටවල් මුහුණ දෙන සමාජීය ගැටලු ද කරළියට පැමිණ තිබේ. විශේෂයෙන්ම මෙක්සිකෝවේ ‘ඇස්ටෙකා’ ක්‍රීඩාංගණයෙන් පිටත, වැඩවර්ජනයක නිරතව සිටින ගුරුවරුන් සහ කැරලි මර්දන පොලිසිය අතර දරුණු ගැටුම් පැවති අතර, මෙක්සිකෝ ජනාධිපති ක්ලෝඩියා ෂෙයින්බෝම් (Claudia Sheinbaum), උද්ඝෝෂකයන් සමඟ යම් එකඟතාවයකට පැමිණීම නිසා තත්ත්වය පාලනය විය. එසේම, තරගාවලියේ සිදුවන අධික වියදම්, වීසා බලපත්‍ර නීතිවල පවතින දැඩි බව සහ ඇමෙරිකා-ඉරාන දේශපාලන සීතල යුද්ධය වැනි කරුණු හේතුවෙන්, මෙය ඉතිහාසයේ “දේශපාලනිකව වඩාත්ම සංකීර්ණ ලෝක කුසලානය” වනු ඇතැයි ද විචාරකයෝ පෙන්වාදෙති.
කෙසේවෙතත්, සියලුම දේශපාලනික සහ ආර්ථික බාධක අභිබවා, ඉදිරි මාසය පුරා ලෝකයේ බිලියන සංඛ්‍යාත ජනතාවක් පාපන්දු ක්‍රීඩාවේ උමතුවෙන් වැළඳගැනීමට මෙම සුපිරි ලෝක කුසලානය සමත්ව ඇති බව පැහැදිලිය.


Adding {{itemName}} to cart
Added {{itemName}} to cart