
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
විහාරාධිපති හිමිනමක විසින් පරිත්‍යාග කරන ලද අක්කර දෙකක පමණ ඉඩමක ප්‍රදේශවාසීන්ගේ ධන පරිත්‍යාගයෙන් ඉදිකරන ලද කුඹුක්ගැටේ නව පොලිස් ස්ථාන ගොඩනැගිල්ල පොලිස්පති, දේශබන්දු තෙන්නකෝන් අතින් අනිද්දා (20) විවෘත කෙරේ.
පොලිස් ස්ථානය ඉදිකිරීමට ඉඩම පරිත්‍යාග කරනු ලැබුවේ, කසාගල රජමහා විහාරාධිපති මැල්සිරිපුර විමලරතන නාහිමියන් විසිනි.
මෙම ඉඩමේ වටිනාකම රුපියල් කෝටි දෙකක් පමණවන බව නව පොලිස් ස්ථානය ඉදිකිරීම සඳහා නායකත්වය දුන් නියෝජ්‍ය පොලිස්පති උපුල් චන්දන අබේසිංහ පැවසීය.
කුඹුක්ගැටේ නව පොලිස් ස්ථානය ඉදිකිරීම ආරම්භ කිරීමට මුල්ගල තබා ඇත්තේ 2022 වසරේ නොවැම්බර් මස 25 වැනිදාය.
මෙම පොලිස් ස්ථානය ඉදිකිරීම සඳහා වසර දෙකක කාලයක් තිස්සේ සිට ප්‍රදේශවාසීන් අරමුදල් එක්රැස් කරගනු ලැබුවේ ප්‍රදේශවාසීන්ට අයත් කුඹුරු ඉඩම්වල වී අස්වැන්න නෙළාගෙන, එයින් කොටසක් විකිණීමෙන් සහ පොල් වගාවෙන් ගස් දෙක තුනක් වෙන්කර එම ගස්වලින් ලැබෙන පොල් පලදාව විකිණීමෙන් ලබාගත් මුදල් වලින් බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා පෙන්වා දුන්නේය.
මීට අමතරව සංගීත සංදර්ශන පැවැත්වීමෙන් සහ ප්‍රදේශයේ දානපතින් ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත්වී කරන ලද මුදල් පරිත්‍යාග ද මෙම පොලිස් ස්ථානය ඉදිකිරීම සඳහා යොදාගත් බව පැවැසූ නියෝජ්‍ය පොලිස්පතිවරයා, මේ කර්තව්‍ය සාර්ථක කරගැනීම සඳහා වයඹ පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වසන්ත කිත්සිරි ජයලත්ගෙන්ද නොමද සහයක් ලැබුණු බව ප්‍රකාශ කළේය.
දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති පදවියට පත්වීමෙන් අනතුරුව විවෘත කෙරෙන පළමු පොලිස් ස්ථානය ද මෙය වන්නේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart