
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජනාධිපති අනුර කුමාර දිසානායක සමග පැවැති සාකච්ඡාවේ සම්පූර්ණ වීඩියෝව තමන්ට තවමත් ලැබී නැති බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසයි.
එම සාකච්ඡාව අවස්ථා කිහිපයකින් සමන්විත වූ බව පවසන ශ්‍රී ලංකා නීතිඥ සංගමය, යෝජිත සංශෝධනය සහ අධිකරණයේ ස්වාධීනත්වයට ඉන් සිදුවිය හැකි බලපෑම පිළිබඳව නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මුලින්ම කරුණු පැහැදිලි කළ බව සඳහන් කරයි.
අදාළ පාර්ශ්වයන් සමඟ ප්‍රමාණවත් පරිදි සාකච්ඡා නොකර අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කිරීමේ යෝජනාව හදිසියේ ක්‍රියාත්මක නොකළ යුතු බව එහිදී සභාපතිවරයා අවධාරණය කර ඇත.
ඉන් අනතුරුව, ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ උප සභාපති ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න අතිරේක කරුණු ඉදිරිපත් කර ඇති අතර, සම්මානිත මහාචාර්ය සාවිත්‍රී ගුණසේකර යෝජිත සංශෝධනය මගින් අධිකරණයේ ස්වාධීනත්වයට එල්ල විය හැකි බලපෑම පිළිබඳව වැඩිදුරටත් කරුණු දක්වා තිබේ.
මීට අමතරව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හිටපු සභාපතිවරුන් කිහිපදෙනකු ද මෙම සාකච්ඡාවට අදහස් දක්වා ඇත.
මෙහිදී ජනාධිපතිවරයා රජයේ ස්ථාවරය පැහැදිලි කිරීමෙන් පසුව, රජීව් අමරසූරිය නැවතත් අදහස් දක්වමින් ඉදිරි පියවර සම්බන්ධයෙන් යෝජනාවක් ද ඉදිරිපත් කළ බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය ප්‍රකාශ කරයි.
කෙසේවෙතත්, නීතිඥ සංගමයේ සභාපතිවරයා ආරම්භයේදී කළ ප්‍රකාශයේ පටිගත කිරීම පමණක් දැනට තමන් වෙත ලැබී ඇති බවත්, එම පටිගත කිරීමේ ද සැලකිය යුතු කොටසක ශ්‍රව්‍ය තත්ත්වය පැහැදිලි නොමැති බවත් සංගමය සඳහන් කරයි.
අගෝස්තු 14 වැනි දින ජනාධිපති ලේකම් කාර්යාලය වෙත ලිපියක් යොමුකරමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඉල්ලා ඇත්තේ, සාකච්ඡාවට එක්වූ සියලු දෙනාගේ අදහස් දැක්වීම්, ප්‍රතිචාර සහ අවසාන අදහස් ඇතුළත් සම්පූර්ණ වීඩියෝ පටිගත කිරීම පැහැදිලි ශ්‍රව්‍ය හා දෘශ්‍ය තත්ත්වයෙන් ලබාදෙන ලෙසයි.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජනාධිපති මාධ්‍ය අංශය පවසා ඇත්තේ, ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයා කළ නිල අදහස් දැක්වීමේ සංස්කරණය නොකළ පටිගත කිරීම අගෝස්තු 12 වැනි දින ලබාදුන් බවයි.
එමෙන්ම, නිල ක්‍රියාවලියට යටත්ව අනෙකුත් සහභාගිවන්නන්ගේ අදහස් දැක්වීම්වල පටිගත කිරීම් ද හැකි ඉක්මනින් ලබාදීමට කටයුතු කරන බව ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කර ඇත.
කෙසේවෙතත්, අවස්ථා කිහිපයකදීම ඉල්ලීම් කළද ඉතිරි පටිගත කිරීම් තවමත් ලැබී නොමැති බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය වැඩිදුරටත් කියාසිටියි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart