
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමේ වමතින් වේග පන්දු යවන ක්රීඩක ඩිල්ෂාන් මධුශංක ආසියානු කුසලාන ශූරතාවට පෙර ආබාධිත ලැයිස්තුවට එක්ව තිබේ.
දුෂ්මන්ත චමීර, ලහිරු කුමාර සහ වනිඳු හසරංග සමඟින් ඩිල්ෂාන්ටද එම තරගාවලිය සම්පූර්ණයෙන්ම අහිමි වීමට නියමිත බව ශ්රී ලංකා ක්රිකට් ආරංචි මාර්ග සඳහන් කරයි.
ආබාධයකට ලක්වූ ඩිල්ෂාන් මධුශංක වෙනුවට වේග පන්දු යවන්නන් වන බිනුර ප්රනාන්දු, අසිත ප්රනාන්දු, චාමික කරුණාරත්න සහ නුවන් තුෂාර කණ්ඩායමට කැඳවා ඇත.
ශ්රී ලංකාව මේ වනවිටත් කසුන් රාජිත, මතීෂ පතිරණ සහ ප්රමෝද් මධුෂාන් තරගාවලියේ ප්රධාන වේග පන්දු යවන්නන් ලෙස තෝරාගෙන තිබේ.
තරගාවලියට දින දෙකක් පමණක් ඉතිරිව තිබියදී ශ්රී ලංකා කණ්ඩායම තවමත් සිය සංචිතය නම් කර නොමැත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart