
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඉදිරි වසර තුළ මෙරට ජනාධිපතිවරණයක් පවත්වනු ඇතැයි තමන් විශ්වාසය පළකරන බව ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපතිනී ජුලී චුන්ග් ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.
ඕනෑම ප්‍රජාතන්ත්‍රවාදයක් සඳහා කාලෝචිත මැතිවරණයක වැදගත්කම අවධාරණය කරන ඇය, ඡන්දය හරහා ජනතාවට තම අදහස් ප්‍රකාශ කිරීමට සහ ඔවුන්ගේ නායකත්වය තෝරා ගැනීමට ඉඩදීමේ වැදගත්කම ද අවධාරණය කර තිබේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව පළාත් පාලන මැතිවරණ, පාර්ලිමේන්තු මැතිවරණ සහ පළාත් සභා යන මැතිවරණද නියමිත පරිදි පවත්වනු ඇතැයි තානාපතිනිය වැඩිදුරටත් බලාපොරොත්තුව පළකර ඇත.
දශක ගණනාවක් තිස්සේ පවත්වාගෙන ආ සම්ප්‍රදායක් වන ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලිය තහවුරු කිරීම සඳහා මෙම මැතිවරණ ඉටුකරන වැදගත් කාර්යභාරය ඇය අවධාරණය කර තිබේ.
“එළඹෙන වසරේ සහ ඉදිරියට මැතිවරණ නියමිත කාලයට පවතිනු ඇතැයි අපි බලාපොරොත්තු වන අතර, එහිදී නිදහස් හා සාධාරණ මැතිවරණයක් දැකීමට අපි බලා සිටිමු. දශක ගණනාවක් තිස්සේ ශ්‍රී ලංකාවේ පැවැති නිදහස් හා සාධාරණ මැතිවරණ සංස්කෘතිය දිගටම පවතිනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු” යැයි මැතිවරණ ක්‍රියාවලියේ අඛණ්ඩතාව පවත්වා ගැනීමේ වැදගත්කම පෙන්වාදෙමින් තානාපතිනි චුන්ග් අවධාරණය කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart