
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මියන්මාරයේ නීතිවිරෝධී සයිබර් වහල් කඳවුරක රඳවා සිටියදී බේරාගැනුණු ශ්‍රී ලාංකිකයන් 8 දෙනා තායිලන්තයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත භාරදී තිබේ.
මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති ජනක බණ්ඩාර ප්‍රකාශ කළේ, මිනිස් ජාවාරමකට හසුව සිටියදී බේරාගැනුණු මෙම පිරිස ඉදිරි දින කිහිපය තුළ ශ්‍රී ලංකාවට පිටත් කිරීමට නියමිත බවයි.
මියන්මාර නිලධාරීන්ගේ සහාය ඇතිව, ශ්‍රී ලාංකිකයන් 56 දෙනකුගෙන් යුත් කණ්ඩායමකින් අට දෙනෙකු මේ වසරේ මාර්තු මාසයේදී බේරාගෙන තිබිණි.
පිරිමි පුද්ගලයන් හයදෙනෙකුගෙන් සහ කාන්තාවන් දෙදෙනකුගෙන් සමන්විත මෙම කණ්ඩායම මුදාගැනීමෙන් අනතුරුව මියන්මාරයේ Myawaddy පොලිසිය විසින් රඳවාගෙන තිබිණි.
බේරාගත් ශ්‍රී ලාංකිකයන් ආරක්ෂිතව ආපසු පැමිණීම සඳහා ශ්‍රී ලංකා දූත මණ්ඩලය, විදේශ කටයුතු අමාත්‍යංශය සහ අනෙකුත් අදාළ බලධාරීහු ඒ වනවිට කටයුතු කරමින් සිටියහ.
බේරාගත් ශ්‍රී ලාංකිකයන් ඉක්මනින් ආපසු ගෙන්වාගැනීමට පහසුකම් සැලසීම සඳහා විදේශ ඇමැති අලි සබ්රි තායිලන්තයෙන් සහාය ඉල්ලා තිබිණි.
මේ සම්බන්ධයෙන් ඇමැති අලි සබ්රි තායිලන්ත නියෝජ්‍ය අගමැති සහ විදේශ කටයුතු ඇමැති Parnpree Bahiddha-Nukara සමඟ දුරකථන සංවාදයක ද නිරත වී තිබිණි.
මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සමඟ සම්බන්ධීකරණයෙන් විදේශ කටයුතු අමාත්‍යංශය මිනිස් ජාවාරමට ගොදුරු වී මියන්මාරයේ සිරවී සිටින ශ්‍රී ලාංකිකයන් 56 දෙනෙකු පමණ බේරාගෙන මෙරටට ගෙන්වා ගැනීමේ උත්සාහයක නිරතව සිටී.
තොරතුරු තාක්ෂණ කර්මාන්තයට අදාළ රැකියා සඳහා මෙම පිරිස තායිලන්තයට ගෙන්වාගෙන මියන්මාරයේ ත්‍රස්තවාදී කණ්ඩායමක් විසින් ක්‍රියාත්මක වන සයිබර් අපරාධ ප්‍රදේශයේ කඳවුරක සිරකර තබාගෙන සිටි බව පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී වාර්තා විය.
ත්‍රස්තවාදී කණ්ඩායම විසින් ශ්‍රී ලාංකිකයන් පිරිසට අමානුෂික ලෙස සළකන බව එකල වාර්තාවලින් අනාවරණ විය.
ඔවුන් නිදහස් කිරීම සඳහා ත්‍රස්තවාදීන් එක් පුද්ගලයකුට අමෙරිකානු ඩොලර් 8000ක් ඉල්ලා තිබිණි.
මියන්මාර බලධාරීන් සමඟ කළ සාකච්ඡාවකින් අනතුරුව, සිරකරගෙන සිටි ශ්‍රී ලාංකිකයන් 32 දෙනෙකු බේරා ගැනීමට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පසුගිය වසරේ සමත් විය.
ඉන් අනතුරුව සිරකරගෙන සිටි ඉතිරි ශ්‍රී ලාංකිකයන් 56 දෙනා මුදාගැනීම සඳහා ශ්‍රී ලංකා සහ මියන්මාර බලධාරීන් අතර සාකච්ඡා පැවැත්වුණු අතර ඉන් ශ්‍රී ලාංකිකයන් 08 දෙනෙකු බේරාගැනීමට බලධාරීන් සමත් වී තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart