
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ආණ්ඩු පක්ෂය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනුකර ඇති පෙත්සම් සලකා බැලීම සඳහා සැප්තැම්බර් 01 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර තිබේ.
එම පෙත්සම් විභාග කිරීම සඳහා අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන විසින් පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් නම් කර ඇති අතර, එහි සභාපතිවරයා ලෙස අගවිනිසුරුවරයාම කටයුතු කරනු ලබයි. අචල වෙංගප්පුලි, අර්ජුන ඔබේසේකර, සම්පත් අබේකෝන් සහ ගිහාන් කුලතුංග එම විනිසුරු මඩුල්ලේ සෙසු සාමාජිකයන් වේ.
කෙසේවෙතත්, මෙම පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණයේ සියලුම විනිසුරුවරුන්ගේ සහභාගීත්වයෙන් විභාගයට ගන්නා ලෙස හෝ අගවිනිසුරුවරයා හැර අනෙකුත් විනිසුරුවරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් හමුවේ විභාගයට ගන්නා ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඇතුළු පාර්ශ්ව කිහිපයක්ම අධිකරණයෙන් ඉල්ලීම් කර තිබිණි. එම පසුබිම මත මෙම පංචපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම් සලකා බැලීම සිදුකිරීමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart