
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සිය ආච්චි අම්මාගේ මෙට්ටය යට සඟවා තිබූ රුපියල් ලක්ෂ 14ක මුදලක් සොරකම් කළ අන්තර්ජාතික පාසලක ඉගෙනුම ලබන 14 හැවිරිදි පාසල් සිසුවකු ඊයේ (8) අත්අඩංගුවට ගත් බව දොඩංගොඩ පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ දොඩංගොඩ, පැපිලියවල ප්‍රදේශයේ පදිංචි 14 හැවිරිදි පාසල්
සිසුවකු බව පොලිසිය සඳහන් කරයි.
දොඩංගොඩ, මිනුවන්දෙණිය ප්‍රදේශයේ පදිංචි රබර් කිරි ව්‍යාපාරයක නියැළෙන කාන්තාවක විසින් කළ පැමිණිල්ලක් මත සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගෙන ඇති පාසල් සිසුවා පැමිණිලිකාර කාන්තාවගේ මුනුබුරකු බවත්, ඔහුද එම නිවෙසට කිට්ටුව පදිංචිව සිටින අයකු බවත්, පොලිසිය සඳහන් කරයි.
පැමිණිලිකාර කාන්තාව පසුගිය 01 දා නිවෙසේ දොරගුළු වසාදමා රබර් කිරි ව්‍යාපාරික කටයුතුවලට පිටව ගොස් ඇත.
නැවත පැමිණෙන විට නිවෙසේ දොරක් විවෘත කර තිබී ඇති අතර ඒ අනුව නිදන මෙට්ටය යට සඟවා තිබූ රුපියල් ලක්ෂ 14ක මුදල සොයාබැලීමේදී එය නොතිබූ බවට පැමිණිල්ලේ සටහන්ව ඇතැයි වැටළීමට එක්වූ නිලධාරියෙක් පවසයි.
ඒ අනුව, පොලිස් පරීක්ෂක ප්‍රසාද් සිරිවර්ධනගේ මෙහෙයවීමෙන් සිදුකළ දීර්ඝ විමර්ශන වලින් පසු සැකකාර සිසුවා විසින් සොරකම් කරන ලද රුපියල් ලක්ෂ 14ක මුදලක් ඔහුගේ පොතුවිල ප්‍රදේශයේ ඥාති නිවෙසක කෙසෙල් පඳුරක් අස්සේ වළදමා තිබියදී සොයාගත් බව පොලිසිය සඳහන් කරයි.
සැකකරු මතුගම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.(මව්බිම)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart