
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
දකුණු කොරියාවේ පැවැත්වෙන ආසියානු කණිෂ්ඨ මළල ක්‍රීඩා තරගාවලියේ මිටර 800 ඉසව්වේ රන් පදක්කම දිනාගැනීමට තරුෂි දිල්සරා අද(05) සමත්විය. ඒ සඳහා ඇය ගතකළ කාලය විනාඩි 02:05.64කි.
මෙම තරගාවලියේ තරුෂි දිල්සරා මිටර 400 ඉසව්වේ රිදි පදක්කමද ඊයේ(04) දිනා ගත් අතර එම ඉසව්වේ ලෝකඩ පදක්කම ජයේෂි උත්තරාට හිමිවිය.
මේ අතර, ආසියානු කණිෂ්ට මලල ක්‍රීඩා තරගාවලියේ පිරිමි තුන් පිම්ම ඉසව්ව නියෝජනය කළ මලිත් යසිරු එම ඉසව්වේ ලෝකඩ පදක්කම දිනාගැනීමට අද සමත්විය.
ඔහු එහිදි සිය පෞද්ගලික හොඳම දක්ෂතාව වාර්තා කලේ මීටර් 15.82 ක දුරක් පනිමිනි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart