
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
රටපුරා උත්සව සහ ප්‍රසංග සංවිධානය කරමින් ජනප්‍රියත්වයට පත් ව්‍යාපාරිකයකු බව කියන විරංජිත් තාඹුගලගේ ගිණුමට 2022 වසරේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 20කට අධික මුදලක් ලැබුණු බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයාට අනාවරණය කළේය.
රුපියල් මිලියන හැත්තෑවක මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තාඹුගලට එරෙහිව පවරා ඇති නඩුව විභාගයට ගත් අවස්ථාවේදී මෙම හෙළිදරව්ව සිදුවිය.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් ප්‍රකාශ කළේ, නඩුව මෙහෙයවීම සඳහා කප්පම් ඉල්ලා සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සම්බන්ධයෙන් රහසිගතව හෝ කැමරාගතව ප්‍රකාශ ලබාදීම අධිකරණ බලය අයුතු ලෙස භාවිත කිරීමක් බවයි.
එවැනි ක්‍රියා මූල්‍ය වංචා සහ වත්කම් සම්බන්ධ විමර්ශනවලට අහිතකර ලෙස බලපෑ හැකි බව ඔහු අවධාරණය කළේය.
තවද සැකකරු ව්‍යාපාරිකයකු වුවද ඔහුගේ නමින් ලියාපදිංචි ව්‍යාපාරික ස්ථානයක් හෝ අදාළ ගණකාධිකාරීවරයකු සොයාගැනීමට නොහැකි වූ බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් පැවැසීය.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලිප පීරිස් අනාවරණය කළේ, තාඹුගල තම ව්‍යාපාරික ස්ථානය ලෙස සඳහන් කළ ලිපිනය පෞද්ගලික නිවසක් බවයි.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් පෙන්වා දුන්නේ විමර්ශන නිලධාරීන් සැකකරුගෙන් මුදල් ඉල්ලා සිටියේ නම්, ඒ සම්බන්ධයෙන් විධිමත් පැමිණිල්ලක් අල්ලස් හෝ දූෂණ කොමිසමට ඉදිරිපත් කළ යුතු බවත් එවිට නීතිපති කාර්යාලයෙන් අවශ්‍ය සහාය ලබාදෙන බවත්ය.
නඩුව නැවත ඔක්තෝබර් 3 වැනිදා විභාගයට ගැනීමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart