
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
තම හිටපු පෙම්වතෙක් සහ සමීපතමයන් 12 දෙනකුට සයනයිඩ් ලබාදී ඝාතනය කළ බවට සැකකෙරෙන කාන්තාවක් අත්අඩංගුවට ගත් බව තායි පොලිසිය පවසයි. සරාරත් රංසිවුතපෝර්න් නම් මෙම කාන්තාව පසුගිය අඟහරුවාදා බැංකොක්හිදී අත්අඩංගුවට ගනු ලැබුවේ ඇයගේ මිතුරියකගේ මරණය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයකදී අනාවරණය වූ තොරතුරුවලට අනුවය.
මෙම මස මුලදී අදාළ තැනැත්තිය සරරාත් සමඟ සංචාරයක යෙදී සිටියදී මිය යෑමෙන් අනතුරුව, වින්දිතයාගේ පවුලේ අය සරරාත් සම්බන්ධයෙන් සැක පහළ කර ඇත. විමර්ශනවලින් ලද තොරතුවලට අනුව පොලිසිය පවසන්නේ සරරත්, ඇයගේ හිටපු පෙම්වතෙක් ඇතුළු තවත් 11 දෙනකු ඝාතනය කර ඇති බවට විශ්වාස කරන බවයි.
ඇය මුදල් අවශ්‍යතා හේතුවෙන් මෙම ඝාතන සිදුකර ඇති බවට පොලිසිය චෝදනා කරයි. සාරාත් එම සියලු චෝදනා ප්‍රතික්ෂේප කර ඇත. තායි බලධාරීන් ඇයගේ ඇප ප්‍රතික්ෂේප කර තිබේ.
සති දෙකකට පෙර ඇය සිය මිතුරිය සමඟ බැංකොක් නගරයට බටහිර දෙසින් පිහිටි රචබුරි පළාතට ගොස් ඇති අතර එහිදී ඔවුන් ගංගාවක බෞද්ධ ආරක්ෂක චාරිත්‍රයකට සහභාගි වී ඇති බව පොලිසිය පවසයි. ටික වේලාවකට පසු ඇගේ මිතුරිය Siriporn Khanwong ගං ඉවුරේ ඇද වැටී මියගොස් තිබේ. මරණ පරීක්ෂණයේදී ඇයගේ සිරුරේ සයනයිඩ් හමු වූ බව පොලිසිය පවසයි. ඇය සොයා ගන්නා විට ඇයගේ දුරකථනය, මුදල් සහ බෑග් ද අතුරුදන්ව ඇත. සරාරත් අතින් මරණයට පත්වූ අනෙක් අයද මියගොස් ඇත්තේ මේ ආකාරයෙන්ම බව පොලිසිය සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart